ගීතාවලිය 56:1-4
ගීතාවලිය 56:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මිනිස්සු මා ලුහුබැඳ එති; ඔවුහු දවස මුළුල්ලේ පහර දීම දැඩි කරති. මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති; බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති. මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද?
ගීතාවලිය 56:1-4 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව; මක්නිසාද මනුෂ්‍යයා මා ගිලගන්ට කැමැත්තේය. ඔහු දවස මුළුල්ලේම යුද්ධකරමින් මට පීඩාකරයි. මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති. මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
ගීතාවලිය 56:1-4 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය. සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
ගීතාවලිය 56:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය. සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමාණෝ තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
ගීතාවලිය 56:1-4 New International Version (NIV)
Be merciful to me, my God, for my enemies are in hot pursuit; all day long they press their attack. My adversaries pursue me all day long; in their pride many are attacking me. When I am afraid, I put my trust in you. In God, whose word I praise— in God I trust and am not afraid. What can mere mortals do to me?