ගීතාවලිය 49:7-15 - Compare All Versions
ගීතාවලිය 49:7-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අන් කෙනකුට ජීවිත විමුක්ති සැලසීමට හෝ ඒ අය උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් ගෙවීමට හෝ කිසි මිනිසකුට නුපුළුවන. ජීවිතයක මිදීමේ මිලය ඉතා ඉහළ ය. කිසි දා එය ගෙවා නිම කරන්නට බැරි ය. සදහට ම ජීවත්වීමට හා දිරා ජරාවට යෑම වැළැක්වීමට එය ප්‍රමාණවත් නැත. ප්‍රඥාවන්තයෝ මිය යති; අනුවණයෝ හා නූගත්තු ද වැනසී යති; ඒ හැම තමන්ගේ වස්තු සම්පත්, අනුන්ට තබා යති; ඒ වග ඕනෑ ම කෙනකුට පෙනේ. තමන්ගේ ම නමින් වූ වතු පිටි ඔවුනට තිබුණේ වී නමුදු, සදහට ම ඔවුන්ගේ නිවෙස් වන්නේ ඔවුන්ගේ සොහොන් ය. නිමක් නැති පරම්පරා දක්වා ඒවා ඔවුන්ගේ වාසස්ථාන වන්නේ ය. කොතරම් ධනවතකු වුව ද, මිනිසාට නො නැසී පැවතිය නො හැක. ඔහු ද වැනසී යන තිරිසනුන් හා සමාන ය. තමන් ගැන ම විශ්වාසය තබන්නන්ගේ ද ඔවුන්ගේ කියුම් අනුමත කරන ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ද ඉරණම මෙයයි. සෙලා ඔවුන් සිටින්නේ බැටළුවන් මෙන් මරණයට නියම කරනු ලදුව ය. මරණය, ඔවුන්ගේ එඬේරා වෙයි. ධර්මිෂ්ඨයෝ, උදයේ ඔවුන්ගේ පාලකයින් වන්නෝ ය. ඔවුන්ගේ රූපකාය ඔවුන්ගේ සැප මන්දිරවලින් දුරස්ථ ව, මිනී වළෙහි දිරා ජරාවට යන්නේ ය. එහෙත් මගේ ජීවිතය, දෙවියන්වහන්සේ ෂෙයෝලයේ බලයෙන් මුදා ගන්නා සේක; සැබවින් ම උන්වහන්සේ මා පිළිගන්නා සේක. සෙලා
ගීතාවලිය 49:7-15 SROV (Sinhala Revised Old Version)
තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ. ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය. මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය. ඔවුන්ගේ සිතේ කල්පනාව නම්, තමුන්ගේ ගෙවල් සදාකාලේටද තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි; ඔවුන්ගේ ගම්බිම්වලට ස්වකීය නම් තබති. එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවත්නේය; ඔහු විනාශවන තිරිසනුන් හා සමානය. ඔවුන්ගේ මේ විධිය ඔවුන්ගේ මෝඩකමය. එහෙත් ඔවුන්ට පසුව එන්නෝ ඔවුන්ගේ කීම් පිළිගනිති. ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති; මරණය ඔවුන්ගේ එඬේරා වන්නේය. අවංකයෝ උදය කාලයෙහි ඔවුන් කෙරෙහි බල පවත්වන්නෝය; ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශවන පිණිස ෂෙයෝලයට කැපවන්නේය. නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.
ගීතාවලිය 49:7-15 NRSV (Sinhala New Revised Version)
තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන. මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්, සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ. පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත. වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත. කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය. තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ. ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය. එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
ගීතාවලිය 49:7-15 SNRV (Sinhala New Revised Version 2018)
තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවියන් වහන්සේට ගෙවීමට ඔහුට නුපුළුවන. මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්, සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ. පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත. වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත. කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය. තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ. ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය. එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
ගීතාවලිය 49:7-15 NIV (New International Version)
No one can redeem the life of another or give to God a ransom for them— the ransom for a life is costly, no payment is ever enough— so that they should live on forever and not see decay. For all can see that the wise die, that the foolish and the senseless also perish, leaving their wealth to others. Their tombs will remain their houses forever, their dwellings for endless generations, though they had named lands after themselves. People, despite their wealth, do not endure; they are like the beasts that perish. This is the fate of those who trust in themselves, and of their followers, who approve their sayings. They are like sheep and are destined to die; death will be their shepherd (but the upright will prevail over them in the morning). Their forms will decay in the grave, far from their princely mansions. But God will redeem me from the realm of the dead; he will surely take me to himself.