ගීතාවලිය 29:9-11 - Compare All Versions

ගීතාවලිය 29:9-11 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි. ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.

බෙදාගන්න
ගීතාවලිය 29 SROV

ගීතාවලිය 29:9-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි. වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි මොර දෙති. ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ. ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක; ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!

බෙදාගන්න
ගීතාවලිය 29 SCV

ගීතාවලිය 29:9-11 NRSV (Sinhala New Revised Version)

සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක. සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

බෙදාගන්න
ගීතාවලිය 29 NRSV

ගීතාවලිය 29:9-11 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමාණන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි. සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක. සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

බෙදාගන්න
ගීතාවලිය 29 SNRV

ගීතාවලිය 29:9-11 NIV (New International Version)

The voice of the LORD twists the oaks and strips the forests bare. And in his temple all cry, “Glory!” The LORD sits enthroned over the flood; the LORD is enthroned as King forever. The LORD gives strength to his people; the LORD blesses his people with peace.

බෙදාගන්න
ගීතාවලිය 29 NIV