ගීතාවලිය 29
29
මාරුත මැදින් දේව හඬ
දාවිත්ගේ ගීතයකි.
1 #
ගීතා 96:7-9
දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න;
එතුමන් තෙද බල පසසන්න.
2හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න;
පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.
3සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ.
ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
4සමිඳාණන්ගේ හඬ බලවත් ය;
සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
5සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි;
ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.
6ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.
7සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;
8සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි;
හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.
9සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.
10සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක;
රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
11සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක;
සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 29: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society