ගීතාවලිය 29:9-11
ගීතාවලිය 29:9-11 SCV
ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි. වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි මොර දෙති. ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ. ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක; ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!

