ගීතාවලිය 119:1-112
ගීතාවලිය 119:1-112 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්ගේ මාර්ගය නිර්දෝෂී වූවෝ, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන්නෝ භාග්‍යවත් ය. උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය; කිසි වරදක් නො කරන ඔවුහු, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරති. උද්යෝගී ව පිළිපැදිය යුතු වූ ශික්ෂා, ඔබ නියම කළ සේක. අහෝ ඔබගේ නියෝග පිළිපැදීම සඳහා මගේ මාර්ග ස්ථිර වී නම්! ඔබගේ ආඥා සියල්ල වෙත මා නෙත් යොමු කරනා කල, මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. ඔබගේ දමිටු නියමයන් උගෙනිද්දී මම, අවංක හදකින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබගේ නියෝග, මම පිළිපදින්නෙමි. මුළුමනින් මා අත්හැර නො දැමුව මැනව. යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි. ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි. ඔබවහන්සේ ප්‍රශංසනීය ය, අහෝ ස්වාමින්වහන්ස; ඔබගේ නියෝග, මට ඉගැන්වුව මැනව. ඔබේ මුවින් ප්‍රකාශිත නියමයන්, මගේ දෙතොලතරින් මම පවසන්නෙමි. ඔබේ පනත් රැකීමෙන් මා ප්‍රීති වන්නේ, සියලු ධන-නිධාන ලැබූවකු පරිද්දෙනි. ඔබගේ ශික්ෂා ඔස්සේ මෙනෙහි කරමින්, ඔබගේ මාර්ග මත සිත් යොමන්නෙමි. ඔබගේ නියෝග තුළ ප්‍රමෝදවෙමින්, ඔබගේ වචනය අමතක නො කරන්නෙමි. මා ජීවත් වන පිණිස හා ඔබගේ වචනය රක්ෂා කරන පිණිස, ඔබේ සේවකයාට ත්‍යාගශීලී ව සැලකුව මැනව. ඔබගේ ව්‍යවස්ථාව තුළින් ආශ්චර්යවත් දෑ මැනවින් දකින පිණිස, මගේ නෙත් විවර කළ මැනව. මම මේ පොළොවේ තාවකාලික පදිංචිකරුවෙක්මි; ඔබගේ ආඥා මගෙන් නො සැඟවුව මැනව. ඔබගේ නියමයන් වෙත වූ දැඩි අභිලාෂයෙන් මා ජීවය හැම විට ඇවිළේ. ඔබගේ ආඥාවලින් බැහැර ව, මුළාව යන ගරු සරු නැති ශාප ලද්දවුන්ට ඔබ තරවටු කරන සේක. ඔවුන් කරන අවඥා හා අවමාන මා වෙතින් පහ කළ මැනව; මන්ද මම ඔබගේ පනත් රක්ෂා කරන්නෙමි. අධිපතීන් එක් ව හිඳ, මට එරෙහිව කුමන්ත්‍රණ කළත්, ඔබගේ සේවක මම ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි. ඔබගේ පනත් මගේ සොම්නස ය; මගේ උපදේශකයන් ය. මගේ ජීවය දූවිල්ලට ඇලී ඇත; ඔබගේ වචනයට අනුව මා තුළ යළි පණ පිහිටුව මැනවි. මගේ මාර්ග මා ඔබට කී කල, ඔබ මට පිළිතුරු දුන් සේක; ඉගැන්නුව මැනවි මට ඔබගේ නියෝග. ඔබගේ ශික්ෂා මාර්ග මට වටහා ගන්නට සැලසුව මැනවි. ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා ගැන එවිට මම මෙනෙහි කරන්නෙමි. මගේ ජීවය ශෝකයෙන් දියවී යයි; සවිමත් කළ මැනව මා, ඔබගේ වචනය ලෙස. බොරුව මා වෙතින් දුරු කළ මැනව; ඔබේ ව්‍යවස්ථාව, කරුණාවෙන් මට ඉගැන්නුව මැනව. මම විශ්වසනීයත්වයේ මාර්ගය තෝරා ගතිමි. ඔබගේ නියමයන් මා ඉදිරියේ තබා ගතිමි. ඔබේ පනත්වලට මම ඇලී සිටිමි. අහෝ ස්වාමින්වහන්ස; ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනව. මා හදේ දැනගැන්ම, ඔබ පුළුල් කළ විට, ඔබගේ ආඥා මාවතේ මම දුවන්නෙමි. උගන්වන්න මට ඔබගේ නියෝග පිළිපැදීමට, අහෝ ස්වාමින්වහන්ස; අවසානය දක්වා මම ඒවා රක්ෂා කරන්නෙමි. අවබෝධය දුන මැනව මට; ඔබගේ ව්‍යවස්ථාව පිළිපැදීමට හා මගේ මුළු හදින් එය රක්ෂා කරන පිණිස. ඔබගේ ආඥා මාවතේ මට මගපෙන්වුව මැනව; මන්ද ඒ තුළ මම ප්‍රමෝද වන්නෙමි. පෞද්ගලික වාසිය දෙසට නො ව, ඔබේ පනත් වෙත මගේ හදවත නැමුව මැනව. නිෂ්ඵල දෑ වෙතින් මගේ දෑස ඉවත හරවා, ඔබේ මාර්ග තුළ මට ජීවනය දුන මැනව. ඔබට භය පක්ෂපාත වන පිණිස, ඔබේ සේවකයාට ඔබේ පොරොන්දුව තහවුරු කළ මැනව. මා බය වන නින්දාව ඉවත හැරෙවුව මැනව; මන්ද ඔබගේ නියමයන් අගනේ ය. මෙන්න, ඔබගේ ශික්ෂාවනට මම කොතරම් ආශා වෙම් ද! ඔබගේ ධර්මිෂ්ඨකම තුළ මට ජීවනය දුන මැනව. ඔබගේ නොමියෙන ප්‍රේමය, ඔබගේ පොරොන්දුව ලෙස වූ ඔබගේ ගැලවීම, මා පිට පැමිණේවා! අහෝ ස්වාමින්වහන්ස, එවිට, මට ගර්හා කරන්නාට දෙන්නට උත්තරයක් මට ඇත්තේ ය; මන්ද මම ඔබගේ වචනය තුළ විශ්වාසය තබා ඇත්තෙමි. සත්‍යතාවේ වචනය මගේ මුවින් මුළුමනින් ඉවතට නො ගත මැනව; මන්ද මගේ බලාපොරොත්තු ඔබගේ නියමයන් තුළ ය. ඔබේ ව්‍යවස්ථාව සදහට, සදාතනික ව නොකඩව පවත්වන්නෙමි. මම නිදහස්කමින් ගමන් කරන්නෙමි; මන්ද මම ඔබේ ශික්ෂා අනුව පැවතුණෙමි. ඔබගේ පනත්, මම රජුන් ඉදිරියේ ද පවසන්නෙමි. මා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. මන්ද මා ප්‍රේම කරන, ඔබේ ආඥා තුළ මම මගේ ප්‍රමෝදය ලදිමි. මා ප්‍රේම කරන, ඔබේ ආඥා දෙසට මම මගේ අත් ඔසවා, ඔබගේ නියෝග මෙනෙහි කරන්නෙමි. මට බලාපොරොත්තුවක් ඇති කරමින්, ඔබේ සේවකයාට වූ වචනය සිහි කළ මැනවි. ඔබගේ පොරොන්දුව මට ජීවනය ගෙන දෙයි: මගේ වේදනාවේදී මගේ සැනසිල්ල ද එයයි. අහංකාරීහු දැඩි ලෙස මට සමච්චල් කරති; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව වෙතින් මම ඉවත නො හැරෙන්නෙමි. ඔබගේ ඒ පුරාණ නියමයන් කල්පනාවට ගන්නා කල, අහෝ ස්වාමින්වහන්ස, ඒවා තුළ සැනසිල්ල අත්දකිමි. ඔබගේ ව්‍යවස්ථාව අත් හළ දුෂ්ටයින් නිසා කෝපය මා වෙළා ගනී. මගේ මේ තාවකාලික පදිංචියේදී ඔබගේ නියෝග මගේ ගීත වේ. අහෝ ස්වාමින්වහන්ස, රාත්‍රියේදී මම ඔබගේ නාමය සිහි කොට, ඔබගේ ව්‍යවස්ථාවට කීකරු වන්නෙමි. ඔබගේ ශික්ෂා පිළිපැදීමේ හේතුවෙන් මෙය මට ලැබී ඇත. ස්වාමින්වහන්සේ මගේ උරුම කොටස ය; ඔබේ වචනවලට අවනත වීමට මම පොරොන්දු වන්නෙමි. මගේ මුළු හදින් ම මම ඔබේ පිහිට සොයන්නෙමි; ඔබගේ පොරොන්දුව ලෙස මට දයා වුව මැනවි. මගේ මාර්ග කල්පනාවට ගත් මම, ඔබගේ පනත්වලට මගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම ඉක්මන් වන්නෙමි, පමා නො වන්නෙමි. දුෂ්ටයින්ගේ රැහැන් මා වෙළා ගත්ත ද, ඔබේ ව්‍යවස්ථාව අමතක නො කරමි. ඔබේ ධර්මිෂ්ඨ නියමයන් නිසා, ඔබ පසසන්නට රැය මැදියමේ මම පිබිදෙන්නෙමි. ඔබට භය පක්ෂපාතී සියල්ලන්ගේ, ඔබගේ ශික්ෂා පිළිපදින සියල්ලන්ගේ මිත්‍රයෙක්මි මම. ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් මිහිතලය ම පිරිලා ය, අහෝ ස්වාමින්වහන්ස, මට ඔබගේ නියෝග ඉගැන්නුව මැනව. ඔබගේ වචනය ලෙස, ඔබ, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයාගේ යහපත උදෙසා කටයුතු කළ සේක. නිවැරදි විනිශ්චය හා දැනගැන්ම මට ඉගැන්නුව මැනව; මන්ද ඔබගේ ආඥා තුළ මට විශ්වාසය ඇත. පීඩා මගින් මා හික්මවනු ලබන්නට පෙර, මම මුළාව ගියෙමි; එහෙත් දැන්, ඔබේ වචනය රක්ෂා කරන්නෙමි. ඔබවහන්සේ යහපත් ය; කරන්නේ ද යහපත ය; ඔබගේ නියෝග මට ඉගැන්වුව මැනව. අහංකාරීන් මා ගැන බොරු ගොතා කීව ද, මගේ මුළු හදින් මම ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි. ඔවුන්ගේ හදවත්, නිර්වින්දිත ය; දයා විරහිත ය; එහෙත් මම ඔබේ ව්‍යවස්ථාව තුළ ප්‍රමෝද වෙමි. ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස, පීඩා විඳීම මට හොඳ ය. රන්මසු හා රිදී දහස් ගණනකටත් වඩා ඔබගේ මුවෙහි ව්‍යවස්ථාව, මට අගනේ ය. මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි; ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව. ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා; මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්, ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි. ඔබගේ සේවකයාට, ඔබගේ පොරොන්දුව පරිදි, ඔබගේ නොමියෙන ප්‍රේමය, මගේ සැනසිල්ල වේවා. මා ජීවත් වන පිණිස, ඔබගේ දයාව මා වෙත ඒවා! මන්ද ඔබගේ ව්‍යවස්ථාව, මගේ සොම්නසයි. අහංකාරීන් කපටකමින් මට අයුත්ත කළ බැවින්, ඔවුන් ලජ්ජාවට පත් කරනු ලැබේවා; එහෙත් මම, ඔබගේ ශික්ෂා භාවනා කරන්නෙමි. ඔබගේ පනත් දැනගන්නා පිණිස, ඔබට භය පක්ෂපාතී ඇත්තෝ මා වෙත හැරෙත්වා! මා ලජ්ජාවට පත් නො වන පිණිස, මගේ හදවත ඔබගේ නියෝග ඉදිරියේ නිදොස් ව තිබේවා! මගේ ජීවය, ඔබගේ ගැලවීම ගැන දැඩි සේ ආශා වෙයි; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තු තබමි. මගේ ඇස්, ඔබගේ පොරොන්දුව ගැන ආශා වෙයි, “ඔබ කවදා මා සනසවන සේක් දැ” යි මම අසමි. මම දුම්ගොඩේ හම් බඳුනක් බවට පත් ව සිටිමි. එහෙත් ඔබගේ නියෝග මා අමතක කර නැත. තව කොතෙක් කලක් ඔබගේ සේවකයා දරා සිටින්න ද? මට පීඩාකරන්නා ඔබ විනිශ්චය කරන්නේ කවදා ද? අහංකාරීහු මට වළවල් හෑරුවෝ ය, ඔවුන් ඔබගේ ව්‍යවස්ථාවට අනුකූලව පැවත සිටින්නේ නැත. ඔබගේ ආඥා සියල්ල විශ්වසනීය ය. ඔවුන් මට පීඩා කරන්නේ අහේතුක ව ය; මට පිහිට වුව මැනව. ඔවුහු පොළොවේදී මුළුමනින් ම පාහේ මා නැති කළෝ ය. එහෙත් මම ඔබගේ ශික්ෂාවන් අතනෑරීමි. ඔබගේ මුඛයේ පනත් පවත්වන පිණිස ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් මට ජීවනය දුන මැනව. සදහට ම අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ස්වර්ගවල ස්ථාවර ව පිහිටා ඇත. ඔබගේ විශ්වසනීයත්වය, සියලු පරම්පරා ඔස්සේ පවතී; ඔබවහන්සේ පොළොව ස්ථාපිත කළ සේක්, එය ද නො සැලී පවතී. ඔබගේ නියමයන් මගින් ඒවා අද දවස දක්වාත් පවතී; මන්ද හැම දෙයක් ම ඔබගේ සේවකයන් ය. ඔබගේ ව්‍යවස්ථාව, මගේ ප්‍රමෝදය නො වී නම්, මගේ විපත්තියේදී මා වැනසී යන්නට තිබිණි. ඔබගේ ශික්ෂා කිසි කල අමතක නො කරමි; මන්ද ඔබ මට ජීවනය දුන්නේ ඒවා මගිනි. මා ඔබගේ ය, ගැලෙවුව මැනවි; මන්ද මම ඔබගේ ශික්ෂා සෙවුවෙමි. මා විනාශ කර දමන්නට, සතුරෝ රැක සිටිති. එහෙත් මම ඔබගේ පනත් කල්පනාවට ගන්නෙමි. පරිපූර්ණ හැම දෙයක සීමාවක් ඇති වග මම දැක ඇත්තෙමි. එහෙත් ඔබගේ ආඥා අතිශයෙන් ම පුළුල් ය. ඔබගේ ව්‍යවස්ථාවට මම කෙතරම් ප්‍රේම කරම් ද! දවස මුළුල්ලේ මගේ භාවනාව එයයි. ඔබගේ ආඥා මගේ එදිරිවාදීන්ට වඩා මා ප්‍රඥාවත් කරයි. ඒවා හැම වේලේ මා සමඟ ය. මගේ සියලු ගුරුවරුනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ, මගේ භාවනාව ඔබගේ පනත් වන බැවිනි. වැඩිහිටියනට වඩා වැඩි අවබෝධය මට ඇත්තේ, මා ඔබගේ ශික්ෂාවනට කීකරු වන බැවිනි. ඔබගේ වචනය පිළිපදින පිණිස, මම මගේ පාද නපුරු මාර්ගවලින් වළකා ගතිමි. ඔබගේ නියමයන් වෙතින් මා ඉවත හැරී නො ගියේ, ඔබ මට ඉගැන් වූ බැවිනි. ඔබගේ වචන මගේ දිවට කොතරම් මිහිරි ද? මගේ මුඛයට ඒවා මී පැණිවලට වඩා මිහිරි ය. මා අවබෝධය ලබා ගන්නේ, ඔබගේ ශික්ෂාවලිනි; හැම වැරදි මාවතක් මා නුරුස්සන්නේ එබැවිනි. ඔබගේ වචනය මගේ දෙපයට පහනකි; මගේ මාවතට එළියකි. ඔබගේ ධර්මිෂ්ඨ නියමයන් පිළිපදින්නට, දිවුරුමකින් ශපථ කළෙමි. එය තහවුරු කළෙමි. මම තදබල ලෙස පීඩා කරනු ලැබීමි, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ වචනයට අනුව මට ජීවනය දුන මැන. ස්ව-කැමැත්තෙන් මා කරන පැසසුම් පූජා පිළිගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, ඉගැන්නුව මැනවි ඔබගේ නියමයන් මට. මගේ ජීවිතය නිරතුරු ව ම මගේ අත්වල දරන්නෙමි; එහෙත් ඔබේ ව්‍යවස්ථාව, මම අමතක නො කරමි. දුෂ්ටයින් මට උගුලක් අටවා ඇත; එහෙත් ඔබගේ ශික්ෂාවලින් මම ඉවත හැරී නො ගියෙමි. ඔබගේ පනත් මගේ සදාතන උරුමය වෙයි; මන්ද මගේ හදවතේ ප්‍රීතිය ඒවා ය. අවසන් කෙළවර දක්වා සදාතනික ව ම ඔබගේ නියෝග පිළිපදින්නට මගේ හදවත නැඹුරු කර ගතිමි.
ගීතාවලිය 119:1-112 Sinhala Revised Old Version (SROV)
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක. ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද! ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි. ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව. තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි. ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි. මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ. ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක. නින්දාවත් අවමාන්නයත් මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ ශික්ෂා රක්ෂාකෙළෙමි. අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය. ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය. මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව. එවිට ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනාකරන්නෙමි. ශෝකය නිසා මාගේ ආත්මය දියවේ. ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව. වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව. විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි. ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි. ස්වාමිනි, මා ලජ්ජාවට නොපැමිණවුව මැනව. ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි. ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි. මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි. ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව; මක්නිසාද ඊට ප්‍රියවෙමි. ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව. ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව. මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයෝ යහපත්ය. ඔබගේ නියෝගවලට ආශාවීමි. ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා. එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි. තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි. මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි. මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි. රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි. බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව. මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය. එහෙත් මම ඔබගේ ව්‍යවස්ථාවෙන් ඉවත නොගියෙමි. ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි. ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය. මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය. ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි. මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ ය. ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි. මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව. මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි. දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි. මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි. ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර ඔබගේ මෙහෙකරුවාට ඔබ යහපත කළසේක. යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි. මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි. ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය. මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි. ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති. රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය. ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි. ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි. ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා. මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය. උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය. මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා. මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ. මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි. ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද? මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද? ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය. ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව. ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය; එහෙත් මම ඔබගේ නියෝග අත් නොහැරියෙමි. ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව; එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි. ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ. ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී. ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය. ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය. ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක. මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි. දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි. සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය. ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය. මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය. ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි. ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක. ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය. ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි. මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව. ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව. මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි. දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි. ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි; මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය. සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.
ගීතාවලිය 119:1-112 Sinhala New Revised Version (NRSV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා! ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව. තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය. ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක. ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි. අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය. ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය. මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව. මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව. වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි. අහෝ සමිඳුනි! ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි. මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව. ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි. සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි. ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ. අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව. නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව. මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය. ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව. එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි. සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි. මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි. මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි. රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක. ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි. සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි. ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි. මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි. සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි. මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය. සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි. මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි. මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි. දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි. ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි. මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි. සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක. මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි. ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි. ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි. ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා! මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ. උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය. මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි. ‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත. ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි. ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද? ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය. ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව. ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි. ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි. සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය. ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක. මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි. දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි. හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත. ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි. මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය. මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය. ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි. ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක. ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය. ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි. ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය. ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි. මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව. ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි. දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි. ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි. සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.
ගීතාවලිය 119:1-112 Sinhala New Revised Version 2018 (SNRV)
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමාණන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමාණෝ සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමාණන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පනත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා! ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබේ දැහැමි අණපනත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබේ පනත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව. තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය. ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක. ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි. අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පනත් භාවනා කරන්නේ ය. ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය. මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව. මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව. වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි. අහෝ සමිඳුනි! ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි. මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව. ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි. සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි. ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ. අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව. නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව. මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය. ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව. එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි. සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි. මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි. මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි. රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පනත් ගැන භාවනා කරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක. ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි. සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි. ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි. මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පනත් ගැන ගී ගයමි. සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි. මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය. සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි. මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි. මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි. දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි. ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි. මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි. සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පනත් මට ඉගැන්වුව මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක. මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි. ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි. ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පනත් ඉගෙනගතිමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි. ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුලුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා! මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ. උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය. මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පනත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. මාගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි. ‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත. ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පනත් අමතක නොකරමි. ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද? ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය. ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව. ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි. ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි. සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය. ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක. මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි. දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි. හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත. ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි. මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය. මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය. ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි. ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක. ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය. ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි. ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය. ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි. මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව. ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි. දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි. ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි. සදහට ම, මරණය දක්වා ඔබේ පනත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.
ගීතාවලිය 119:1-112 New International Version (NIV)
Blessed are those whose ways are blameless, who walk according to the law of the LORD. Blessed are those who keep his statutes and seek him with all their heart— they do no wrong but follow his ways. You have laid down precepts that are to be fully obeyed. Oh, that my ways were steadfast in obeying your decrees! Then I would not be put to shame when I consider all your commands. I will praise you with an upright heart as I learn your righteous laws. I will obey your decrees; do not utterly forsake me. How can a young person stay on the path of purity? By living according to your word. I seek you with all my heart; do not let me stray from your commands. I have hidden your word in my heart that I might not sin against you. Praise be to you, LORD; teach me your decrees. With my lips I recount all the laws that come from your mouth. I rejoice in following your statutes as one rejoices in great riches. I meditate on your precepts and consider your ways. I delight in your decrees; I will not neglect your word. Be good to your servant while I live, that I may obey your word. Open my eyes that I may see wonderful things in your law. I am a stranger on earth; do not hide your commands from me. My soul is consumed with longing for your laws at all times. You rebuke the arrogant, who are accursed, those who stray from your commands. Remove from me their scorn and contempt, for I keep your statutes. Though rulers sit together and slander me, your servant will meditate on your decrees. Your statutes are my delight; they are my counselors. I am laid low in the dust; preserve my life according to your word. I gave an account of my ways and you answered me; teach me your decrees. Cause me to understand the way of your precepts, that I may meditate on your wonderful deeds. My soul is weary with sorrow; strengthen me according to your word. Keep me from deceitful ways; be gracious to me and teach me your law. I have chosen the way of faithfulness; I have set my heart on your laws. I hold fast to your statutes, LORD; do not let me be put to shame. I run in the path of your commands, for you have broadened my understanding. Teach me, LORD, the way of your decrees, that I may follow it to the end. Give me understanding, so that I may keep your law and obey it with all my heart. Direct me in the path of your commands, for there I find delight. Turn my heart toward your statutes and not toward selfish gain. Turn my eyes away from worthless things; preserve my life according to your word. Fulfill your promise to your servant, so that you may be feared. Take away the disgrace I dread, for your laws are good. How I long for your precepts! In your righteousness preserve my life. May your unfailing love come to me, LORD, your salvation, according to your promise; then I can answer anyone who taunts me, for I trust in your word. Never take your word of truth from my mouth, for I have put my hope in your laws. I will always obey your law, for ever and ever. I will walk about in freedom, for I have sought out your precepts. I will speak of your statutes before kings and will not be put to shame, for I delight in your commands because I love them. I reach out for your commands, which I love, that I may meditate on your decrees. Remember your word to your servant, for you have given me hope. My comfort in my suffering is this: Your promise preserves my life. The arrogant mock me unmercifully, but I do not turn from your law. I remember, LORD, your ancient laws, and I find comfort in them. Indignation grips me because of the wicked, who have forsaken your law. Your decrees are the theme of my song wherever I lodge. In the night, LORD, I remember your name, that I may keep your law. This has been my practice: I obey your precepts. You are my portion, LORD; I have promised to obey your words. I have sought your face with all my heart; be gracious to me according to your promise. I have considered my ways and have turned my steps to your statutes. I will hasten and not delay to obey your commands. Though the wicked bind me with ropes, I will not forget your law. At midnight I rise to give you thanks for your righteous laws. I am a friend to all who fear you, to all who follow your precepts. The earth is filled with your love, LORD; teach me your decrees. Do good to your servant according to your word, LORD. Teach me knowledge and good judgment, for I trust your commands. Before I was afflicted I went astray, but now I obey your word. You are good, and what you do is good; teach me your decrees. Though the arrogant have smeared me with lies, I keep your precepts with all my heart. Their hearts are callous and unfeeling, but I delight in your law. It was good for me to be afflicted so that I might learn your decrees. The law from your mouth is more precious to me than thousands of pieces of silver and gold. Your hands made me and formed me; give me understanding to learn your commands. May those who fear you rejoice when they see me, for I have put my hope in your word. I know, LORD, that your laws are righteous, and that in faithfulness you have afflicted me. May your unfailing love be my comfort, according to your promise to your servant. Let your compassion come to me that I may live, for your law is my delight. May the arrogant be put to shame for wronging me without cause; but I will meditate on your precepts. May those who fear you turn to me, those who understand your statutes. May I wholeheartedly follow your decrees, that I may not be put to shame. My soul faints with longing for your salvation, but I have put my hope in your word. My eyes fail, looking for your promise; I say, “When will you comfort me?” Though I am like a wineskin in the smoke, I do not forget your decrees. How long must your servant wait? When will you punish my persecutors? The arrogant dig pits to trap me, contrary to your law. All your commands are trustworthy; help me, for I am being persecuted without cause. They almost wiped me from the earth, but I have not forsaken your precepts. In your unfailing love preserve my life, that I may obey the statutes of your mouth. Your word, LORD, is eternal; it stands firm in the heavens. Your faithfulness continues through all generations; you established the earth, and it endures. Your laws endure to this day, for all things serve you. If your law had not been my delight, I would have perished in my affliction. I will never forget your precepts, for by them you have preserved my life. Save me, for I am yours; I have sought out your precepts. The wicked are waiting to destroy me, but I will ponder your statutes. To all perfection I see a limit, but your commands are boundless. Oh, how I love your law! I meditate on it all day long. Your commands are always with me and make me wiser than my enemies. I have more insight than all my teachers, for I meditate on your statutes. I have more understanding than the elders, for I obey your precepts. I have kept my feet from every evil path so that I might obey your word. I have not departed from your laws, for you yourself have taught me. How sweet are your words to my taste, sweeter than honey to my mouth! I gain understanding from your precepts; therefore I hate every wrong path. Your word is a lamp for my feet, a light on my path. I have taken an oath and confirmed it, that I will follow your righteous laws. I have suffered much; preserve my life, LORD, according to your word. Accept, LORD, the willing praise of my mouth, and teach me your laws. Though I constantly take my life in my hands, I will not forget your law. The wicked have set a snare for me, but I have not strayed from your precepts. Your statutes are my heritage forever; they are the joy of my heart. My heart is set on keeping your decrees to the very end.