ගීතාවලිය 118:24-29
ගීතාවලිය 118:24-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු. අහෝ ස්වාමින්වහන්ස, අප ගැලෙවුව මැනව; අහෝ ස්වාමින්වහන්ස, සඵලත්වය අපට දානය කළ මැනව. ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය; ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ ස්වකීය ආලෝකය අප පිට බැබළෙන්නට සැලසූ සේක. කොළ අතු අතේ දරා, පූජාසනයේ අං දක්වා ම මංගල පෙරහැරට එකතු වන්න. ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබට ස්තුති පුදන්නෙමි; ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබ වර්ණනා කරන්නෙමි. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
ගීතාවලිය 118:24-29 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව. ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව. ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 118:24-29 Sinhala New Revised Version (NRSV)
මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි. සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.
ගීතාවලිය 118:24-29 Sinhala New Revised Version 2018 (SNRV)
මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි. සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමාණන්ගේ තිර පෙම සදා පවත්නේ ය.
ගීතාවලිය 118:24-29 New International Version (NIV)
The LORD has done it this very day; let us rejoice today and be glad. LORD, save us! LORD, grant us success! Blessed is he who comes in the name of the LORD. From the house of the LORD we bless you. The LORD is God, and he has made his light shine on us. With boughs in hand, join in the festal procession up to the horns of the altar. You are my God, and I will praise you; you are my God, and I will exalt you. Give thanks to the LORD, for he is good; his love endures forever.