ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව. ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව. ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ගීතාවලිය 118 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 118:24-29
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ