ගීතාවලිය 118:14-24
ගීතාවලිය 118:14-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය; මගේ ගීතය ය; උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. මෙන්න! ප්‍රීතියේ හා ජයග්‍රහණයේ කාහල නාදය, දමිටුන්ගේ කූඩාරම්වල රැව් පිළිරැව් දේ: “ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ. ස්වාමින්වහන්සේගේ සුරත, ඉහළට එසවී ඇත; ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ.” මම නො නසින්නෙමි, මම ජීවත් වන්නෙමි; ස්වාමින්වහන්සේ කළ දෑ ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින්වහන්සේ දැඩි ව මා හික්මවූ සේක; එහෙත් උන්වහන්සේ මරණයට මා යටත් නො කළ සේක. ධර්මිෂ්ඨත්වයේ දොරටු මට විවර කරන්න; මම ඇතුල් වී, ස්වාමින්වහන්සේට ස්තුති කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ දොරටුව මෙයයි; ධර්මිෂ්ඨයෝ එතුළින් ඇතුල් වන්නෝ ය. මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක; ඔබ මගේ ගැලවීම වූ සේක. ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු.
ගීතාවලිය 118:14-24 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක. ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක. නුමුත් මා මරණයට පාවා නුදුන්සේක. මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි. ස්වාමීන්ගේ දොරටුව මේය; ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල්වන්නෝය. මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක. ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය. මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය. ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
ගීතාවලිය 118:14-24 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය. ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක. එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක. දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය. මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
ගීතාවලිය 118:14-24 Sinhala New Revised Version 2018 (SNRV)

ගීතාවලිය 118:14-24 New International Version (NIV)
The LORD is my strength and my defense; he has become my salvation. Shouts of joy and victory resound in the tents of the righteous: “The LORD’s right hand has done mighty things! The LORD’s right hand is lifted high; the LORD’s right hand has done mighty things!” I will not die but live, and will proclaim what the LORD has done. The LORD has chastened me severely, but he has not given me over to death. Open for me the gates of the righteous; I will enter and give thanks to the LORD. This is the gate of the LORD through which the righteous may enter. I will give you thanks, for you answered me; you have become my salvation. The stone the builders rejected has become the cornerstone; the LORD has done this, and it is marvelous in our eyes. The LORD has done it this very day; let us rejoice today and be glad.