ගීතාවලිය 118:14-24
ගීතාවලිය 118:14-24 SROV
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක. ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක. නුමුත් මා මරණයට පාවා නුදුන්සේක. මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි. ස්වාමීන්ගේ දොරටුව මේය; ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල්වන්නෝය. මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක. ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය. මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය. ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.

