හිතෝපදේශ 31:24-31 - Compare All Versions
හිතෝපදේශ 31:24-31 SROV (Sinhala Revised Old Version)
ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය. බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ. ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි. ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්: බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය. රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය. ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.
හිතෝපදේශ 31:24-31 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී, වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය. ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන. ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී, තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය. ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී, අලසකමින් කල් ගත නො කරන්නී ය. ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති; ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්, “බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය; එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි. රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි; එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය. ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න; ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!
හිතෝපදේශ 31:24-31 NRSV (Sinhala New Revised Version)
ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.
හිතෝපදේශ 31:24-31 SNRV (Sinhala New Revised Version 2018)
ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.
හිතෝපදේශ 31:24-31 NIV (New International Version)
She makes linen garments and sells them, and supplies the merchants with sashes. She is clothed with strength and dignity; she can laugh at the days to come. She speaks with wisdom, and faithful instruction is on her tongue. She watches over the affairs of her household and does not eat the bread of idleness. Her children arise and call her blessed; her husband also, and he praises her: “Many women do noble things, but you surpass them all.” Charm is deceptive, and beauty is fleeting; but a woman who fears the LORD is to be praised. Honor her for all that her hands have done, and let her works bring her praise at the city gate.