හිතෝපදේශ 31:21-31

හිතෝපදේශ 31:21-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හිම වැටෙන ශීත කාලයට තම පවුල ගැන බයක් ඇයට නැත; මන්ද ඒ හැමට උණුසුම් ඇඳුම් සූදානම් ව ඇත. ඈ තම ඇඳ-ඇතිරිලි නිමවා ගන්නී ය; ඈ සිනිඳු හණ පිළියෙන් හා රාජ වර්ණිත ඇඳුමින් සැරසී සිටින්නී ය. ඇගේ සැමියා දේශයේ ප්‍රජා මූලිකයින් සමඟ පුර-ප්‍රජා පොළේ හිඳ ගන්නා කල, පිළිගනු ලබයි. ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී, වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය. ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන. ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී, තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය. ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී, අලසකමින් කල් ගත නො කරන්නී ය. ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති; ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්, “බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය; එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි. රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි; එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය. ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න; ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!

හිතෝපදේශ 31:21-31 Sinhala Revised Old Version (SROV)

හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත; මක්නිසාද අගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති. ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ. ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය. ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය. බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ. ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි. ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්: බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය. රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය. ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.

හිතෝපදේශ 31:21-31 Sinhala New Revised Version (NRSV)

හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත. ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත. ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි. ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

හිතෝපදේශ 31:21-31 Sinhala New Revised Version 2018 (SNRV)