හිතෝපදේශ 31:21-31
හිතෝපදේශ 31:21-31 SNRV
හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත. ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත. ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි. ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

