හිතෝපදේශ 3:1-21
හිතෝපදේශ 3:1-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා පුත, මගේ ඉගැන්වීම් අමතක නො කරන්න; මගේ ආඥා ඔබේ හදේ රඳවා තබා ගන්න. මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්‍රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය. දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න. එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී, ප්‍රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත. ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ. ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය. මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න; උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න. පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ, ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක. ප්‍රඥාව සොයන මිනිසා, අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය. මන්ද එය රිදීවලට වඩා පලදායි ය; රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය. ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ. ඇගේ දකුණත ඇත්තේ, දීර්ඝායුෂ ය; වමතෙහි ඇත්තේ, ධන සම්පත් හා ගෞරවය ය. ඇගේ සියලු මාර්ග ප්‍රිය ජනක ය; ඇගේ මාවත් සියල්ල සාමය ය. ප්‍රඥාව තමා වැලඳගන්නාට ජීවන වෘක්ෂයකි; ඇය තරකොට අල්ලා ගන්නා ආශිර්වාද ලබන්නේ ය. ස්වාමින්වහන්සේ පොළෝ අත්තිවාරම් ලූයේ ප්‍රඥාව මගිනි; උන්වහන්සේ අහස ස්ථානගත කළේ අවබෝධය මගිනි. ගැඹුරේ උල්පත් විවර කෙරුණේත්, වලාකුළුවලින් පිණිබිඳු වෑස්සෙන්නේත් උන්වහන්සේගේ දැනුම මගිනි. මා පුත, පිරිපුන් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත් ආරක්ෂා කර ගන්න; ඔබට පෙනෙන තෙක් මානයෙන් බැහැරවීමට ඒවාට ඉඩ නො දෙන්න.
හිතෝපදේශ 3:1-21 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක. ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය. ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය. මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න
හිතෝපදේශ 3:1-21 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න. එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත. ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත. මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න. පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක. ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත! එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය. ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත! සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක. බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක. එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත. මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න. ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.
හිතෝපදේශ 3:1-21 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න. එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය. පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න. එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය. හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත. ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත. ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත. මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න. පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක. ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත! එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය. ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය. දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය, ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි. ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත! සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක. බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක. එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත. මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න. ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.
හිතෝපදේශ 3:1-21 New International Version (NIV)
My son, do not forget my teaching, but keep my commands in your heart, for they will prolong your life many years and bring you peace and prosperity. Let love and faithfulness never leave you; bind them around your neck, write them on the tablet of your heart. Then you will win favor and a good name in the sight of God and man. Trust in the LORD with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight. Do not be wise in your own eyes; fear the LORD and shun evil. This will bring health to your body and nourishment to your bones. Honor the LORD with your wealth, with the firstfruits of all your crops; then your barns will be filled to overflowing, and your vats will brim over with new wine. My son, do not despise the LORD’s discipline, and do not resent his rebuke, because the LORD disciplines those he loves, as a father the son he delights in. Blessed are those who find wisdom, those who gain understanding, for she is more profitable than silver and yields better returns than gold. She is more precious than rubies; nothing you desire can compare with her. Long life is in her right hand; in her left hand are riches and honor. Her ways are pleasant ways, and all her paths are peace. She is a tree of life to those who take hold of her; those who hold her fast will be blessed. By wisdom the LORD laid the earth’s foundations, by understanding he set the heavens in place; by his knowledge the watery depths were divided, and the clouds let drop the dew. My son, do not let wisdom and understanding out of your sight, preserve sound judgment and discretion