හිතෝපදේශ 27:24-27
හිතෝපදේශ 27:24-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ධන සම්පත් සදහට ම නො පවතී, රජ කිරුළ ද පරපුරින් පරපුරට නො පවතී. වියළි තෘණ ඉවත් කරනු ලැබූ කල, අලුත් තණපත් දළුලයි; කඳු හෙල්වලින් හරිත පලා රැස් කරනු ලබයි; එවිට බැටළු පැටවුන්ගෙන් ඔබට ඇඳුම් සැපයේ; කෙත් වතුවල මිල ගෙවන්නට එළුවෝ සිටිති. ඔබගේත්, ඔබේ නිවැසියන්ගේත් පෝෂණයට ද ඔබේ සේවිකාවන්ගේ නඩත්තුවට ද ඇති තරම් එළු කිරි ලැබේ.
හිතෝපදේශ 27:24-27 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද? තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය. බැටළු පැටව් නුඹේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති, නුඹේ කෑමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කෑමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.
හිතෝපදේශ 27:24-27 Sinhala New Revised Version (NRSV)
ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත. තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි. ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත. ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.
හිතෝපදේශ 27:24-27 Sinhala New Revised Version 2018 (SNRV)
ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත. තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි. ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත. ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.
හිතෝපදේශ 27:24-27 New International Version (NIV)
for riches do not endure forever, and a crown is not secure for all generations. When the hay is removed and new growth appears and the grass from the hills is gathered in, the lambs will provide you with clothing, and the goats with the price of a field. You will have plenty of goats’ milk to feed your family and to nourish your female servants.