හිතෝපදේශ 24:1-22
හිතෝපදේශ 24:1-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ට මිනිසුන්ට ඊර්ෂ්‍යා නො කරන්න; ඔවුන්ගේ ඇසුරට ආශා නො කරන්න. මන්ද ඔවුන්ගේ හදවත් සැහැසි උපක්‍රම යොදයි; ඔවුන්ගේ තොල්වල කතාව විපත් හටගැන්වීමට ය. ගෙයක් ගොඩ නගන්නේ ප්‍රඥාවෙනි; එය ස්ථාපන වන්නේ අවබෝධයෙනි. එහි කාමර විශිෂ්ට වූත්, අලංකාර වූත් වස්තුවෙන් පුරවනු ලබන්නේ බුද්ධියෙනි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට මහ බලයක් ඇත; බුද්ධිමතා ශක්තිය වැඩි කර ගනියි. යුද්ධ වැදීමට ඔබට මග පෙන්වීමක් ද ජය ගැනීමට උපදෙස් දෙන්නන් බොහෝ දෙනකු ද අවශ්‍ය ය. ප්‍රඥාව අඥානයකුට උසස් වැඩි ය; පුර දොරටු ප්‍රජා පොළේදී කීමට කිසිවක් ඔහුට නැත. දුෂ්ට උපා සැලසුම් කරන්නාට “කූටෝපකාරයා යැ” යි කියනු ලැබේ. මෝඩයින්ගේ යෝජනා පාපය ය; ගැරහුම්කරුවකු ජනයාට පිළිකුල් ය. අර්බුදකාරී අවස්ථාවලදී ඔබ පසුබට වේ නම්, ඔබගේ ශක්තිය කොතරම් අල්ප ද! මරණයට ගෙන යනු ලබන්නන් මුදා ගන්න; මරනු ලබන්නට ගාට ගාටා යන්නවුන් ඉන් වළක්වන්න. “මේ මොකවත් අප දන්නේ නැතැ” යි ඔබ කියන්නේ නම්, හදවත් කිරා බලන තැනැන්වහන්සේ එය නො දක්නා සේක් ද? ඔබගේ ජීවිතය සුරකින තැනැන්වහන්සේ එය නො දන්නා සේක් ද? එක් එක් මිනිසාට ඔහු කළ දේ අනුව ප්‍රතිවිපාක නො දෙන සේක් ද? මී පැණි කන්න මා පුත, මන්ද එය හොඳ ය; මී-වදයේ පැණි රසයෙන් මිහිරි ය. ප්‍රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න; ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත. ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ. ධර්මිෂ්ඨ මිනිසකුගේ නිවසට එරෙහිව අපරාධකරුවකු සේ රැක සිටීමක් නො කරන්න; ඔහුගේ වාසස්ථානය කොල්ලකෑමෙන් වළකින්න. මන්ද, ධර්මිෂ්ඨයා හත් වාරයක් වැටුණත්, නැගිටින්නේ ය. එහෙත් අධර්මිෂ්ඨයා විපත්තිවලින් වැටී යන්නේ ය. ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න. නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත. දුෂ්ට මිනිසුන් නිසා නොරිස්සුම් නො වන්න; දුෂ්ටයන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න. මන්ද දුෂ්ට මිනිසුනට අනාගත බලාපොරොත්තුවක් නැත; දුෂ්ටයින්ගේ පහන ද නිවා දමනු ලැබේ. ස්වාමින්වහන්සේට ද රජ්ජුරුවන්ට ද භය පක්ෂපාත වන්න; කැරලිකරුවන් සමඟ එක් නො වන්න. මන්ද ඒ දෙදෙනා ඔවුන් පිට හදිසි විනාශයක් එවනු ඇත; කවර විපත්තියක් එවනු ඇද්දැයි දන්නේ කවුරු ද?
හිතෝපදේශ 24:1-22 Sinhala Revised Old Version (SROV)
දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න. මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි. ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය. ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි. මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ. ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි. නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය. මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය. නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය. මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න. අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද? මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න. නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය. දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න. මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය. නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා. නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක. නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න. මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න. මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?
හිතෝපදේශ 24:1-22 Sinhala New Revised Version (NRSV)
පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න. ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය; ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය. ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි. එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි. පැණවතා බලවතාට වඩා උදාර ය. බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය. රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය; උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය. මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි; උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය. කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති. මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය. උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි. අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි. මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න; ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න. “මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද? ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද? එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද? මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න. ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි. දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න. දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි; එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය. ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත. සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත. නපුරන් ගැන නොකිපෙන්න; දුදනන් ආදර්ශයට නොගන්න. නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත. මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න; ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න. මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?
හිතෝපදේශ 24:1-22 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 24:1-22 New International Version (NIV)
Do not envy the wicked, do not desire their company; for their hearts plot violence, and their lips talk about making trouble. By wisdom a house is built, and through understanding it is established; through knowledge its rooms are filled with rare and beautiful treasures. The wise prevail through great power, and those who have knowledge muster their strength. Surely you need guidance to wage war, and victory is won through many advisers. Wisdom is too high for fools; in the assembly at the gate they must not open their mouths. Whoever plots evil will be known as a schemer. The schemes of folly are sin, and people detest a mocker. If you falter in a time of trouble, how small is your strength! Rescue those being led away to death; hold back those staggering toward slaughter. If you say, “But we knew nothing about this,” does not he who weighs the heart perceive it? Does not he who guards your life know it? Will he not repay everyone according to what they have done? Eat honey, my son, for it is good; honey from the comb is sweet to your taste. Know also that wisdom is like honey for you: If you find it, there is a future hope for you, and your hope will not be cut off. Do not lurk like a thief near the house of the righteous, do not plunder their dwelling place; for though the righteous fall seven times, they rise again, but the wicked stumble when calamity strikes. Do not gloat when your enemy falls; when they stumble, do not let your heart rejoice, or the LORD will see and disapprove and turn his wrath away from them. Do not fret because of evildoers or be envious of the wicked, for the evildoer has no future hope, and the lamp of the wicked will be snuffed out. Fear the LORD and the king, my son, and do not join with rebellious officials, for those two will send sudden destruction on them, and who knows what calamities they can bring?