හිතෝපදේශ 24
24
උපදේශ 20
1දුෂ්ට මිනිසුන්ට ඊර්ෂ්‍යා නො කරන්න;
ඔවුන්ගේ ඇසුරට ආශා නො කරන්න.
2මන්ද ඔවුන්ගේ හදවත් සැහැසි උපක්‍රම යොදයි;
ඔවුන්ගේ තොල්වල කතාව විපත් හටගැන්වීමට ය.
උපදේශ 21
3ගෙයක් ගොඩ නගන්නේ ප්‍රඥාවෙනි;
එය ස්ථාපන වන්නේ අවබෝධයෙනි.
4එහි කාමර විශිෂ්ට වූත්, අලංකාර වූත් වස්තුවෙන්
පුරවනු ලබන්නේ බුද්ධියෙනි.
උපදේශ 22
5ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට මහ බලයක් ඇත;
බුද්ධිමතා ශක්තිය වැඩි කර ගනියි.
6යුද්ධ වැදීමට ඔබට මග පෙන්වීමක් ද
ජය ගැනීමට උපදෙස් දෙන්නන් බොහෝ දෙනකු ද අවශ්‍ය ය.
උපදේශ 23
7ප්‍රඥාව අඥානයකුට උසස් වැඩි ය;
පුර දොරටු ප්‍රජා පොළේදී කීමට කිසිවක් ඔහුට නැත.
උපදේශ 24
8දුෂ්ට උපා සැලසුම් කරන්නාට
“කූටෝපකාරයා යැ” යි කියනු ලැබේ.
9මෝඩයින්ගේ යෝජනා පාපය ය;
ගැරහුම්කරුවකු ජනයාට පිළිකුල් ය.
උපදේශ 25
10අර්බුදකාරී අවස්ථාවලදී ඔබ පසුබට වේ නම්,
ඔබගේ ශක්තිය කොතරම් අල්ප ද!
11මරණයට ගෙන යනු ලබන්නන් මුදා ගන්න;
මරනු ලබන්නට ගාට ගාටා යන්නවුන් ඉන් වළක්වන්න.
12“මේ මොකවත් අප දන්නේ නැතැ” යි ඔබ කියන්නේ නම්,
හදවත් කිරා බලන තැනැන්වහන්සේ එය නො දක්නා සේක් ද?
ඔබගේ ජීවිතය සුරකින තැනැන්වහන්සේ එය නො දන්නා සේක් ද?
එක් එක් මිනිසාට ඔහු කළ දේ අනුව ප්‍රතිවිපාක නො දෙන සේක් ද?
උපදේශ 26
13මී පැණි කන්න මා පුත, මන්ද එය හොඳ ය;
මී-වදයේ පැණි රසයෙන් මිහිරි ය.
14ප්‍රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න;
ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත.
ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ.
උපදේශ 27
15ධර්මිෂ්ඨ මිනිසකුගේ නිවසට එරෙහිව අපරාධකරුවකු සේ රැක සිටීමක් නො කරන්න;
ඔහුගේ වාසස්ථානය කොල්ලකෑමෙන් වළකින්න.
16මන්ද, ධර්මිෂ්ඨයා හත් වාරයක් වැටුණත්, නැගිටින්නේ ය.
එහෙත් අධර්මිෂ්ඨයා විපත්තිවලින් වැටී යන්නේ ය.
උපදේශ 28
17ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න;
ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න.
18නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී,
උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත.
උපදේශ 29
19දුෂ්ට මිනිසුන් නිසා නොරිස්සුම් නො වන්න;
දුෂ්ටයන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න.
20මන්ද දුෂ්ට මිනිසුනට අනාගත බලාපොරොත්තුවක් නැත;
දුෂ්ටයින්ගේ පහන ද නිවා දමනු ලැබේ.
උපදේශ 30
21 ස්වාමින්වහන්සේට ද රජ්ජුරුවන්ට ද භය පක්ෂපාත වන්න;
කැරලිකරුවන් සමඟ එක් නො වන්න.
22මන්ද ඒ දෙදෙනා ඔවුන් පිට හදිසි විනාශයක් එවනු ඇත;
කවර විපත්තියක් එවනු ඇද්දැයි දන්නේ කවුරු ද?
ප්‍රඥාවන්තයින්ගේ උපදේශ තවදුරටත්
23මේවා ප්‍රඥාවන්තයින්ගේ උපදේශයන් ය:
විනිශ්චයේදී පැත්තක් ගැනීම හොඳ නැත.
24වැරදිකරු අමතා, “ඔබ නිර්දෝෂය” කියා තීන්දුව දෙන්නාට
ජනයා ශාප කරනු ඇත;
ජාතීන් චෝදනා කරනු ඇත.
25එහෙත් වරදකරුවාට දඬුවම් නියම කරන තැනැත්තාට සෙත සැලසේ;
මහත් ආශිර්වාද ඔහු වෙත පැමිණේ.
26අවංක පිළිතුරක්
දෙතොල සිප ගැනීමක් වැන්න.
27ඔබේ කෙතේ ගෙවත්තේ වැඩ ඉවරයක් කරන්න;
ඔබේ කුඹුරු සූදානම් කර ගන්න,
ඉන්පසු ඔබේ නිවස ගොඩ නගන්න.
28අහේතුක ව ඔබේ අසල්වැසියාට එරෙහිව සාක්ෂි නො දෙන්න;
ඔබේ තොල්වලින් වංචා නො කරන්න.
29“ඔහු මට කළ ලෙස මමත් ඔහුට කරමි;
ඔහු කළ දේට පළිය ගන්නෙමි” යි නො කියන්න.
30අලසයාගේ කුඹුරු පසු කර මම ගමන් ගතිමි;
බුද්ධි හීන මිනිසාගේ මිදි වත්ත ළඟින් ගියෙමි.
31මෙන්න! එහි හැම තැන කටු පඳුරු නැගී,
ඉඩම පුරා වල් වැවී,
ගල් බැම්ම ද බිඳ වැටී ඇත.
32එසේ මා නිරීක්ෂණ කළ දෑ මම හදවතට ගතිමි;
ඒ දුටු දැයින් මම පාඩමක් උගත්තෙමි.
33ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි,
ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි;
34එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ;
අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 24: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.