හිතෝපදේශ 13:7-8 - Compare All Versions
හිතෝපදේශ 13:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති; වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති. ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි; එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත.
හිතෝපදේශ 13:7-8 SROV (Sinhala Revised Old Version)
කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති. මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.
හිතෝපදේශ 13:7-8 NRSV (Sinhala New Revised Version)
පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.
හිතෝපදේශ 13:7-8 SNRV (Sinhala New Revised Version 2018)
පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.
හිතෝපදේශ 13:7-8 NIV (New International Version)
One person pretends to be rich, yet has nothing; another pretends to be poor, yet has great wealth. A person’s riches may ransom their life, but the poor cannot respond to threatening rebukes.