හිතෝපදේශ 13

13
1ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය;
එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.
2මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලයෙන් යසස භුක්තිවිඳියි;
එහෙත් ද්‍රෝහීන්ගේ ප්‍රාණය බලාත්කාරය විඳියි.
3කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි;
එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
4අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත;
එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.
5ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ;
එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.
6ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි;
එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.
7කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති;
බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති.
8මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය;
එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.
9ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි;
එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
10උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය;
එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
11සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය;
එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.
12පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය;
එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.
13දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි;
එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.
14ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.
15හොඳ නුවණ නිසා කරුණාව ලැබේ;
එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය.
16බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි;
එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.
17දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි;
එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.
18අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය;
එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
19ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය;
එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය.
20ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය;
එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
21විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි;
එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.
22සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි;
පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
23දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ;
එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති.
24ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය;
එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.
25ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ;
එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 13: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න