හිතෝපදේශ 13:7-10
හිතෝපදේශ 13:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති; වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති. ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි; එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත. ධර්මිෂ්ඨයින්ගේ ආලෝකය දීප්තිමත් ව බබළයි; එහෙත් අධර්මිෂ්ඨයින්ගේ පහන නිවා දැමේ. අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
හිතෝපදේශ 13:7-10 Sinhala Revised Old Version (SROV)
කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති. මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත. ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි. උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
හිතෝපදේශ 13:7-10 Sinhala New Revised Version (NRSV)
පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත. දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි. උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
හිතෝපදේශ 13:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත. දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි. උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
හිතෝපදේශ 13:7-10 New International Version (NIV)
One person pretends to be rich, yet has nothing; another pretends to be poor, yet has great wealth. A person’s riches may ransom their life, but the poor cannot respond to threatening rebukes. The light of the righteous shines brightly, but the lamp of the wicked is snuffed out. Where there is strife, there is pride, but wisdom is found in those who take advice.