හිතෝපදේශ 13:13-25

හිතෝපදේශ 13:13-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි. ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි. නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය. හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය. හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි; එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත. වගා නො කළ කෙත්වල දුප්පතාට ආහාර බෝග හට ගැනේ; එහෙත් අයුක්තියෙන් ඒවා ගසා ගෙන යයි. වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි; එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි. දමිටු දනා තම හදවත් තෘප්තිමත් වන සේ අහර ගනිති; එහෙත් දුෂ්ටයින්ගේ කුසේ කුස ගිනි තිබේ.

හිතෝපදේශ 13:13-25 Sinhala Revised Old Version (SROV)

දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි. ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය. හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය. බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි. දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි. අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි. ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය. ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය. විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ. සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ. දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති. ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය. ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.

හිතෝපදේශ 13:13-25 Sinhala New Revised Version (NRSV)

ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි. පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි. හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි. අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි. අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත. මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි. සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි. වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි. දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.

හිතෝපදේශ 13:13-25 Sinhala New Revised Version 2018 (SNRV)