හිතෝපදේශ 13:1-25

හිතෝපදේශ 13:1-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි; එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි. තම තොල්වල පලවලින් මිනිසෙක් යහ දෑ භුක්ති විඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ දැඩි ආශාව සැහැසිකමට ය. තම කට රැක ගන්නා තම දිවි රැක ගනී; එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ. අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ; එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ. දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති; එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති. ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි. ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති; වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති. ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි; එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත. ධර්මිෂ්ඨයින්ගේ ආලෝකය දීප්තිමත් ව බබළයි; එහෙත් අධර්මිෂ්ඨයින්ගේ පහන නිවා දැමේ. අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. වංචනික ව ලද මුදල් වහා දියවී යයි; එහෙත් ටිකෙන් ටික රැස් කර ගන්නා එය වැඩි කර ගනී. බලාපොරොත්තු ඉටුවීම පමාවීමෙන් සිත් කලකිරේ; එහෙත් ආශාවන් ඉටුවීම ජීවන වෘක්ෂයකි. අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි. ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි. නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය. හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය. හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි; එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත. වගා නො කළ කෙත්වල දුප්පතාට ආහාර බෝග හට ගැනේ; එහෙත් අයුක්තියෙන් ඒවා ගසා ගෙන යයි. වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි; එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි. දමිටු දනා තම හදවත් තෘප්තිමත් වන සේ අහර ගනිති; එහෙත් දුෂ්ටයින්ගේ කුසේ කුස ගිනි තිබේ.

හිතෝපදේශ 13:1-25 Sinhala Revised Old Version (SROV)

ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය. මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලයෙන් යසස භුක්තිවිඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ ප්‍රාණය බලාත්කාරය විඳියි. කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි. අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි. ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි. ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි. කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති. මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත. ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි. උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ. සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය. පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය. දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි. ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය. හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය. බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි. දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි. අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි. ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය. ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය. විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ. සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ. දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති. ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය. ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.

හිතෝපදේශ 13:1-25 Sinhala New Revised Version (NRSV)

පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි. සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති; කපටියෝ අපරාධය ම සොයා යති. දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි. අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති. දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය. දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි; අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි. පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත. දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි. උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි. පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි. ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි. පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි. හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි. අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි. අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත. මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි. සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි. වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි. දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.

හිතෝපදේශ 13:1-25 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 13:1-25 New International Version (NIV)

A wise son heeds his father’s instruction, but a mocker does not respond to rebukes. From the fruit of their lips people enjoy good things, but the unfaithful have an appetite for violence. Those who guard their lips preserve their lives, but those who speak rashly will come to ruin. A sluggard’s appetite is never filled, but the desires of the diligent are fully satisfied. The righteous hate what is false, but the wicked make themselves a stench and bring shame on themselves. Righteousness guards the person of integrity, but wickedness overthrows the sinner. One person pretends to be rich, yet has nothing; another pretends to be poor, yet has great wealth. A person’s riches may ransom their life, but the poor cannot respond to threatening rebukes. The light of the righteous shines brightly, but the lamp of the wicked is snuffed out. Where there is strife, there is pride, but wisdom is found in those who take advice. Dishonest money dwindles away, but whoever gathers money little by little makes it grow. Hope deferred makes the heart sick, but a longing fulfilled is a tree of life. Whoever scorns instruction will pay for it, but whoever respects a command is rewarded. The teaching of the wise is a fountain of life, turning a person from the snares of death. Good judgment wins favor, but the way of the unfaithful leads to their destruction. All who are prudent act with knowledge, but fools expose their folly. A wicked messenger falls into trouble, but a trustworthy envoy brings healing. Whoever disregards discipline comes to poverty and shame, but whoever heeds correction is honored. A longing fulfilled is sweet to the soul, but fools detest turning from evil. Walk with the wise and become wise, for a companion of fools suffers harm. Trouble pursues the sinner, but the righteous are rewarded with good things. A good person leaves an inheritance for their children’s children, but a sinner’s wealth is stored up for the righteous. An unplowed field produces food for the poor, but injustice sweeps it away. Whoever spares the rod hates their children, but the one who loves their children is careful to discipline them. The righteous eat to their hearts’ content, but the stomach of the wicked goes hungry.