ගණන් කථාව 7:42-89

ගණන් කථාව 7:42-89 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හය වැනි දවසේ දෙවූයෙල්ගේ පුත්‍ර ගාද්ගේ පුත්‍රයන්ගේ නායක එලියාසාෆ් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්ගේ පඬුර වූයේ එයයි. හත් වන දවසේ අම්මිහුද්ගේ පුත්‍ර, එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ නායක එලිෂාමා තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුර වූයේ එයයි. අ‍ට වන දවසේ පෙදාසූර්ගේ පුත්‍ර මනස්සේගේ පුත්‍රයන්ගේ නායක ගමාලියෙල් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුර වූයේ එයයි. නව වන දවසේ ගිදෙයොනීගේ පුත්‍ර බෙන්යමින්ගේ පුත්‍රයන්ගේ නායක අබිදාන් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. ගිදෙයොනීගේ පුත් අබිදාන්ගේ පඬුර වූයේ එයයි. දහ වන දවසේ අම්මිෂද්දයිගේ පුත්‍ර, දාන්ගේ පුත්‍රයන්ගේ නායක අහියේසෙර් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්ගේ පඬුර වූයේ එයයි. එකොළොස් වන දවසේ ඔක්‍රාන්ගේ පුත්‍ර ආෂෙර්ගේ පුත්‍රයන්ගේ නායක පගියෙල් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුර වූයේ එයයි. දොළොස් වන දවසේ ඒනාන්ගේ පුත්‍ර නෆ්තලීගේ පුත්‍රයන්ගේ නායක අහිරා තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුර වූයේ එයයි. පූජාසනය ආලේප කළ අවස්ථාවේ එය කැප කිරීම උදෙසා වූ ඉශ්‍රායෙල් නායකයින්ගේ පඬුරු ඒවා ය: එනම්, රිදී පිඟන් දොළොසක්, ලේ ඉසීමේ රිදී පාත්‍ර දොළොසක් හා රන් දීසි දොළොසකි. එම එක් එක් රිදී පිඟානක බර ෂෙකෙල් එකසිය තිහකි. එක් එක් රිදී පාත්‍රයක බර ෂෙකෙල් හැත්තෑවකි. ඒ හැම රිදී බඳුන්වල මුළු බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් දෙදහස් හාරසියයකි. සුවඳ ද්‍රව්‍ය පුරවා තිබූ රන් දීසි දොළොසෙහි බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, එකක් ෂෙකෙල් දහය බැගිනි. රන් දීසිවල මුළු බර ෂෙකෙල් එකසිය විස්සකි. දවන යාග පූජාව සඳහා වූ මුළු සතුන් ගණන, ගොන් වස්සන් දොළොස් දෙනෙක් ද බැටළුවන් දොළොස් දෙනෙක් ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දොළොස් දෙනෙක් ද වූහ. ඒ සමඟ එහි ධාන්‍ය පූජාව ද විය. පාප පූජාව සඳහා එළුවන් දොළොස් දෙනෙක් වූහ. ශාන්ති පූජාව සඳහා යාග කරන සතුන්ගේ මුළු ගණන, ගවයින් විසිහතර දෙනෙකි; බැටළුවන් හැට දෙනෙකි; එළුවන් හැට දෙනෙකි; එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හැට දෙනෙකි. පූජාසනය ආලේප කරන ලද පසු එය කැප කිරීම සඳහා වූ පඬුරු ඒවා ය. ස්වාමින්වහන්සේ සමඟ කතා කිරීමට මෝසෙස් හමුවීමේ කූඩාරමට පිවිසි කල, සාක්ෂි කරඬුව මත කරුණාසනයට ඉහළින් කෙරුබ්වරුන් දෙදෙනා අතරින් තමා අමතන කටහඬක් ඔහුට ඇසිණි. උන්වහන්සේ ඔහු සමඟ කතා කළ සේක.

ගණන් කථාව 7:42-89 Sinhala Revised Old Version (SROV)

හවෙනි දවසේදී දෙවුයෙල්ගේ පුත්‍රවූ ගාද් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලියාසාප්ය. ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ගේ පඬුර මේය. සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාගේ පඬුර මේය. අටවෙනි දවසේදී පෙදාශූර්ගේ පුත්‍රවූ මනස්සේ පුත්‍රයන්ගේ අධිපතියාවූ ගමාලියෙල්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ගේ පඬුර මේය. නවවෙනි දවසේදී ගිදෙයොනිගේ පුත්‍රවූ බෙන්යමින් පුත්‍රයන්ගේ අධිපතියාවූ අබිදාන්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ගේ පඬුර මේය. දසවෙනි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය. එකළොස්වෙනි දවසේදී ඔක්‍රාන්ගේ පුත්‍රවූ ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියාවූ පගීයෙල්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ගේ පඬුර මේය. දොළොස්වෙනි දවසේදී ඒනාන්ගේ පුත්‍රවූ නප්තලී පුත්‍රයන්ගේ අධිපතියාවූ අහිරාය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඒනාන්ගේ පුත්‍රවූ අහිරාගේ පඬුර මේය. පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්‍රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය. එක එක රිදී තැටියේ බර ෂෙකෙල් එකසිය තිහක්ය, එක එක තාලියේ බර ෂෙකෙල් සැත්තෑවක්ය. ඒ සියලු රිදී බඩු ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය. දවන පූජාව පිණිස සියලුම ගවයෝ ගොනුන් දොළොස්දෙනෙක්ය, බැටළුවන් දොළොස් දෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් දොළොස්දෙනෙක්ය, උන් සමඟ ඔප්පුකළ ආහාර පූජාවය. පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ය. ශාන්ති පූජා යාගය පිණිස සියලුම ගවයෝ ගොන් විසිහතරදෙනෙක්ය, බැටළුවන් සැටදෙනෙක්ය, එළුවන් සැටදෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් සැටදෙනෙක්ය. පූජාසනය ආලේපකළ පසු එය කැපකිරීමේ පූජා මේවාය. මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.

ගණන් කථාව 7:42-89 Sinhala New Revised Version (NRSV)

හය වන දවසේ දී දෙවුයෙල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. දෙවුයෙල්ගේ පුත් එලියාසාප්ගේ පඬුරු මේවා විය. සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය. අට වන දවසේ දී පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වන මනස්සේගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර හොඳ පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. පෙදාශූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුරු මේවා විය. නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය. දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිෂද්දයිගේ පුත් අහියේසර්ගේ පඬුරු මේවා විය. එකොළොස් වන දවසේ දී ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වන ආෂෙර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුරු මේවා විය. දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුරු මේවා විය. පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි. එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් එකහමාරක් ද, එක රිදී තැටියක බර ග්‍රෑම් අටසියයක් ද වූයෙන් රිදී භාණ්ඩ සියල්ලේ බර කිලෝග්‍රෑම් විසිහතයි දශම හයක් විය. තවද, ශුද්ධස්ථානයේ මිල අනුව, එක එකේ බර ග්‍රෑම් එකසිය දහයක් වූ රන් පාත්‍ර දොළසකි. මේ සියල්ලේ බර රිදී කාසි කිලෝග්‍රෑම් එකයි දශම තුනයි දෙකක් විය. දවන යාග පූජාව සඳහා වස්සෝ දොළසකි, බැටළු වස්සෝ දොළසකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දොළසකි. මේවා සමඟ ධාන්‍ය පූජා ද පාප පූජා සඳහා එළුවෝ දොළසක් ද වූ හ. සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය. මෝසෙස් සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සැම විට ම, එහි ගිවිසුම් කරඬුව මත කෙරුබ්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසනයෙන් නික්මුණු කට හඬක් ඔහුට ඇසිණි. ඔහු උන් වහන්සේ සමඟ කතා කෙළේ ය.

ගණන් කථාව 7:42-89 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 7:42-89 New International Version (NIV)

On the sixth day Eliasaph son of Deuel, the leader of the people of Gad, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Eliasaph son of Deuel. On the seventh day Elishama son of Ammihud, the leader of the people of Ephraim, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Elishama son of Ammihud. On the eighth day Gamaliel son of Pedahzur, the leader of the people of Manasseh, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Gamaliel son of Pedahzur. On the ninth day Abidan son of Gideoni, the leader of the people of Benjamin, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Abidan son of Gideoni. On the tenth day Ahiezer son of Ammishaddai, the leader of the people of Dan, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Ahiezer son of Ammishaddai. On the eleventh day Pagiel son of Okran, the leader of the people of Asher, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Pagiel son of Okran. On the twelfth day Ahira son of Enan, the leader of the people of Naphtali, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Ahira son of Enan. These were the offerings of the Israelite leaders for the dedication of the altar when it was anointed: twelve silver plates, twelve silver sprinkling bowls and twelve gold dishes. Each silver plate weighed a hundred and thirty shekels, and each sprinkling bowl seventy shekels. Altogether, the silver dishes weighed two thousand four hundred shekels, according to the sanctuary shekel. The twelve gold dishes filled with incense weighed ten shekels each, according to the sanctuary shekel. Altogether, the gold dishes weighed a hundred and twenty shekels. The total number of animals for the burnt offering came to twelve young bulls, twelve rams and twelve male lambs a year old, together with their grain offering. Twelve male goats were used for the sin offering. The total number of animals for the sacrifice of the fellowship offering came to twenty-four oxen, sixty rams, sixty male goats and sixty male lambs a year old. These were the offerings for the dedication of the altar after it was anointed. When Moses entered the tent of meeting to speak with the LORD, he heard the voice speaking to him from between the two cherubim above the atonement cover on the ark of the covenant law. In this way the LORD spoke to him.