ගණන් කථාව 7:1-29

ගණන් කථාව 7:1-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් මණ්ඩපය ඉදි කොට නිම වූ දවසේ ම, ඔහු එය සහ එහි සියලු බඩු බාහිරාදිය ආලේප කොට, කැප කළේ ය; තවද ඔහු පූජාසනය සහ ඊට අයත් උපකරණ ද ආලේප කොට, කැප කළේ ය. ඉන්පසු සංගණනය කරනු ලැබූ ජනයාට ඉහළින් සිටි ගෝත්‍ර නායකයින් වූ ඉශ්‍රායෙල් නායකයින් වන පියවංශ ප්‍රධානීහු පුද පඬුරු පූජා කළහ. ඔවුහු තම පඬුරු වශයෙන්, ආවරණ කරන ලද කරත්ත හයක් හා ගවයින් දොළොස් දෙනකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආහ. නායකයින් දෙදෙනකුට එක කරත්තය බැගිනි; එක් එක් කෙනාට එක ගවයකු බැගිනි. ඔවුහු ඒවා මණ්ඩපය ඉදිරියට ගෙන ආහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේවා ඔවුන්ගෙන් බාර ගන්න; හමුවීමේ කූඩාරමේ ප්‍රයෝජනයට ඒවා ගත හැකි වෙයි. ඒ එක් එක් කෙනාගේ සේවා අවැසිතා අනුව, ඒවා ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් එම කරත්ත හා ගවයින් බාරගෙන ලෙවීවරුනට දුන්නේ ය. ගෙර්ෂොන්ගේ පුත්‍රයන්ට, ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත දෙකක් හා ගවයින් සිවු දෙනකු ද මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවා අවැසිතා අනුව කරත්ත හතරක් හා ගවයින් අටදෙනකු ද දුන්නේ ය. ඒ සැවොම පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ සිටින්නවුන් ය. එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ගේ වගකීම වූයේ, ශුද්ධ භාණ්ඩ ඔවුන්ගේ කර පිට තබා, ඔසවාගෙන යෑම වූ බැවින් මෝසෙස් ඔවුනට ඒ එකකුදු දුන්නේ නැත. පූජාසනය ආලේප කරනු ලැබූ කල, නායකයෝ එය කැප කිරීම උදෙසා තම පඬුරු ගෙනැවිත්, පූජාසනය ඉදිරියේ ඒවා පිළිගැන් වූහ. මන්ද, “එක් එක් දවසට එක් එක් නායකයා තම තමාගේ පඬුරු පූජාසනය කැප කිරීම උදෙසා ගෙන ආ යුතු යැ” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ හෙයිනි. මුල් දවසේ තම පඬුර ගෙන ආවේ යූදා ගෝත්‍ර වංශයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුර වූයේ එයයි. දෙවන දවසේ සූවාර්ගේ පුත් ඉස්සාකර් නායක නෙතනේල් තම පඬුර ගෙනාවේ ය. ඔහු ගෙන ආ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. සූවාර්ගේ පුත් නෙතනේල්ගේ පඬුර වූයේ එයයි. තුන් වන දවසේ හේලොන්ගේ පුත්‍ර වූ, සාබුලොන්ගේ පුත්‍රයන්ගේ නායක එලියාබ් තම පඬුර ගෙනාවේ ය. ඔහුගේ පඬුර වූයේ, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා එළුවකු ද ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ. හේලොන්ගේ පුත් එලියාබ්ගේ පඬුර වූයේ එයයි.

ගණන් කථාව 7:1-29 Sinhala Revised Old Version (SROV)

තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය. මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කිරීම පිණිස ඒවා ඔවුන්ගෙන් පිළිගෙන ලෙවීවරුන්ට එකිනෙකාගේ සේවයේ ප්‍රකාරයට දෙන්නැයි කීසේක. එවිට මෝසෙස් ගැල් හා ගවයන් ගෙන ලෙවීවරුන්ට දුන්නේය. ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය. පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය. එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය. පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක. පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ, ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය. දෙවෙනි දවසේදී ශූවර්ගේ පුත්‍රවූ ඉස්සාඛර්වරුන්ගේ අධිපතියාවූ නෙතනේල් ඔප්පුකෙළේය. ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ගේ පඬුර මේය. තුන්වෙනි දවසේදී හේලොන්ගේ පුත්‍රවූ සාබුලොන්වරුන්ගේ අධිපතියාවූ එලියාබ්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ගේ පඬුර මේය.

ගණන් කථාව 7:1-29 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක. එවිට මෝසෙස් ගැල් හා ගොනුන් භාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේ ය. ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි. එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය. පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක. පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය. දෙ වන දවසේ දී ශූවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය. තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.

ගණන් කථාව 7:1-29 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 7:1-29 New International Version (NIV)

When Moses finished setting up the tabernacle, he anointed and consecrated it and all its furnishings. He also anointed and consecrated the altar and all its utensils. Then the leaders of Israel, the heads of families who were the tribal leaders in charge of those who were counted, made offerings. They brought as their gifts before the LORD six covered carts and twelve oxen—an ox from each leader and a cart from every two. These they presented before the tabernacle. The LORD said to Moses, “Accept these from them, that they may be used in the work at the tent of meeting. Give them to the Levites as each man’s work requires.” So Moses took the carts and oxen and gave them to the Levites. He gave two carts and four oxen to the Gershonites, as their work required, and he gave four carts and eight oxen to the Merarites, as their work required. They were all under the direction of Ithamar son of Aaron, the priest. But Moses did not give any to the Kohathites, because they were to carry on their shoulders the holy things, for which they were responsible. When the altar was anointed, the leaders brought their offerings for its dedication and presented them before the altar. For the LORD had said to Moses, “Each day one leader is to bring his offering for the dedication of the altar.” The one who brought his offering on the first day was Nahshon son of Amminadab of the tribe of Judah. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Nahshon son of Amminadab. On the second day Nethanel son of Zuar, the leader of Issachar, brought his offering. The offering he brought was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Nethanel son of Zuar. On the third day, Eliab son of Helon, the leader of the people of Zebulun, brought his offering. His offering was one silver plate weighing a hundred and thirty shekels and one silver sprinkling bowl weighing seventy shekels, both according to the sanctuary shekel, each filled with the finest flour mixed with olive oil as a grain offering; one gold dish weighing ten shekels, filled with incense; one young bull, one ram and one male lamb a year old for a burnt offering; one male goat for a sin offering; and two oxen, five rams, five male goats and five male lambs a year old to be sacrificed as a fellowship offering. This was the offering of Eliab son of Helon.