ගණන් කථාව 21:10-20
ගණන් කථාව 21:10-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල්වරු දිගට ම ගමන් කොට, ඔබොත්හි කඳවුරු ගැසූහ. ඉන්පසු ඔබොත් වෙතින් පිටත් වූ ඔවුහු, නැගෙනහිර දෙස මෝවබ් රටට මුහුණ ලා පාළුකරයේ ඉයේ-අබාරීම්හි කඳවුරු ගසා ගත්හ. එතැනින් පිටත් වූ ඔවුහු සෙරෙද් මිටියාවතේ කඳවුරු ගැසූහ. එතැනින් පිටත් වූ ඔවුහු අමෝරි දේශය තෙක් විහිදෙන පාළුකරයේ අර්ණොන් ගඟ පසෙක කඳවුරු බැන්දහ. මෝවබ් හා අමෝරිවරුන් අතර මෝවබ් දේශ සීමාව අර්ණොන් ය. ස්වාමින්වහන්සේගේ යුද්ධ පොතෙහි මෙසේ කියැවෙන්නේ එබැවිනි. “සූෆාහි වාහේබ් හා ගිරි කඳුරු, අර්ණොන් නදී හා ගිරි කඳුරු බෑවුම්, මෝවබ් දේසේ මායිම් ඔස්සේ, ආර් පුර වාස භූමි දක්වා විහිදේ.” එතැනින් ඔවුහු බෙයේර් වෙත ගමන් කළහ. “ජනයා එක් රැස් කරවන්න. මම ඔවුන්ට වතුර දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසූ ළිඳ එයයි. එවිට ඉශ්‍රායෙල්වරු මෙම ගීය ගැයූහ. “උල්පත් නගන්න, එම්බා ළිඳ! ගයන්න ගී ඒ ගැන. ජයකොන්තය හා සැරයටිවලින් ජනතා උත්තමයින් තැනූ, කුමාරයින් හෑරූ මේ ළිඳ ගැන.” ඉන්පසු ඔවුහු පාළුකරයේ සිට මත්තානා වෙත ද මත්තානා සිට නහලීයෙල් වෙත ද නහලීයෙල් සිට බාමොත් වෙත ද බාමොත් සිට මෝවබ් තැන්න වෙත ද ගියහ. පිස්ගා කඳු මුඳුන ද ඉන් ඔබ්බෙහි පාළුකරය ද එතැනට පෙනේ.
ගණන් කථාව 21:10-20 Sinhala Revised Old Version (SROV)
පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය. ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය. එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය. එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය. එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ. එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය. එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්: එම්බා ළිඳ, වතුර නගව; ඊට ගී කියව්. අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද, මත්තානායෙන් නහලියෙලටද නහලීයෙලෙන් බාමොත්ටද, බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
ගණන් කථාව 21:10-20 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින් නික්ම ඔව්හු පෙරදිග වූ මෝවබ් ප්‍රදේශයට ඉදිරියෙන් පිහිටි පාළුකරයේ ඉයේ-අබාරීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ. එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය. එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත, ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.” එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය. එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න. කුමරුන් කැණි ළිඳ මේ ය, නායකයන් හෑරූ ළිඳ මේ ය, ජයකොන්තයෙන් කැණි ළිඳ මේ ය, සැරයටියෙන් හෑරූ ළිඳ මේ ය.” ඔව්හු පාළුකරයෙන් නික්ම මත්තානයට ද එතැනින් නහලීයෙලට ද එතැනින් බාමොත්ට ද එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.
ගණන් කථාව 21:10-20 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 21:10-20 New International Version (NIV)
The Israelites moved on and camped at Oboth. Then they set out from Oboth and camped in Iye Abarim, in the wilderness that faces Moab toward the sunrise. From there they moved on and camped in the Zered Valley. They set out from there and camped alongside the Arnon, which is in the wilderness extending into Amorite territory. The Arnon is the border of Moab, between Moab and the Amorites. That is why the Book of the Wars of the LORD says: “…Zahab in Suphah and the ravines, the Arnon and the slopes of the ravines that lead to the settlement of Ar and lie along the border of Moab.” From there they continued on to Beer, the well where the LORD said to Moses, “Gather the people together and I will give them water.” Then Israel sang this song: “Spring up, O well! Sing about it, about the well that the princes dug, that the nobles of the people sank— the nobles with scepters and staffs.” Then they went from the wilderness to Mattanah, from Mattanah to Nahaliel, from Nahaliel to Bamoth, and from Bamoth to the valley in Moab where the top of Pisgah overlooks the wasteland.