පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය. ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය. එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය. එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය. එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ. එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය. එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්: එම්බා ළිඳ, වතුර නගව; ඊට ගී කියව්. අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද, මත්තානායෙන් නහලියෙලටද නහලීයෙලෙන් බාමොත්ටද, බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.
ගණන් කථාව 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් කථාව 21:10-20
31 Days
The Book of Numbers tells the story of Israel’s journey through the wilderness—a time of testing, failure, and God’s unwavering faithfulness. As they moved toward the Promised Land, their struggles revealed the importance of trusting God, even in uncertainty. Through this study, we’ll explore how their journey mirrors our own, calling us to faith, obedience, and confidence in God’s promises.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ