ගණන් කථාව 20:22-29
ගණන් කථාව 20:22-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුළු ඉශ්‍රායෙල් ප්‍රජාව කාදෙෂ් වෙතින් පිටත් ව හෝර් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවට නුදුරු හෝර් කන්දේදී, මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ආරොන්, මිය ගිය තම ජනයාට එකතු වනු ඇත. මෙරීබා ජලය අසලදී ඔබ දෙදෙනා මගේ අණට එරෙහිව කැරලි ගැසූ බැවින්, ඉශ්‍රායෙල්වරුනට මා දෙන දේශයට ඔහු ඇතුළු වන්නේ නැත. ආරොන් හා ඔහුගේ පුත් එලෙයාසර් හෝර් කන්ද උඩට කැඳවාගෙන එන්න. ආරොන්ගේ පූජක ඇඳුම් ඉවත් කොට, ඔහුගේ පුත් එලෙයාසර්ට ඒවා හඳවන්න. ආරොන්, මිය ගිය තම ජනයාට එක්වීමට යයි. ඔහු එහිදී මිය යන්නේ යැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ අණ කළ දේ මෝසෙස් කළේ ය. මුළු ජන සමූහයා බලා සිටියදී ඔවුහු හෝර් කන්දට නැගුණහ. ආරොන්ගේ ඇඳුම් ඉවත් කළ මෝසෙස් ඒවා ඔහුගේ පුත් එලෙයාසර්ට හැඳවී ය. එහි, කඳු මුඳුනේදී ආරොන් මියැදුණේ ය. මෝසෙස් හා එලෙයාසර් ඉන්පසු කන්දෙන් පහළට ආහ. ආරොන් මිය ගොස් ඇති වග දුටු කල, ඉශ්‍රායෙල් වංශික සියල්ලෝ තිස් දවසක් ඔහු උදෙසා ශෝක වූහ.
ගණන් කථාව 20:22-29 Sinhala Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය. ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට: ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්, ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය. එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය. මුළු සභාව එනම් මුළු ඉශ්‍රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ.
ගණන් කථාව 20:22-29 Sinhala New Revised Version (NRSV)
මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, “නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත. ආරොන් සහ ඔහු පුත් එලෙයාසර් කැඳවාගෙන හෝර් කන්දට නඟින්න. ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. මුළු ජනතාව බලාගෙන සිටිය දී ඔව්හු හෝර් කන්දට නැංගාහ. ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ. මුළු ජනතාව ආරොන් මියගිය බව දැනගත් විට, ඉශ්රායෙල් වංශයේ සියල්ලෝ ම දින තිහක් ආරොන් උදෙසා වැලපුණාහ.
ගණන් කථාව 20:22-29 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 20:22-29 New International Version (NIV)
The whole Israelite community set out from Kadesh and came to Mount Hor. At Mount Hor, near the border of Edom, the LORD said to Moses and Aaron, “Aaron will be gathered to his people. He will not enter the land I give the Israelites, because both of you rebelled against my command at the waters of Meribah. Get Aaron and his son Eleazar and take them up Mount Hor. Remove Aaron’s garments and put them on his son Eleazar, for Aaron will be gathered to his people; he will die there.” Moses did as the LORD commanded: They went up Mount Hor in the sight of the whole community. Moses removed Aaron’s garments and put them on his son Eleazar. And Aaron died there on top of the mountain. Then Moses and Eleazar came down from the mountain, and when the whole community learned that Aaron had died, all the Israelites mourned for him thirty days.