ගණන් කථාව 11:27-29
ගණන් කථාව 11:27-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස් වෙත දිවූ තරුණයෙක්, “එල්දාද් හා මේදාද් කඳවුරේ දිවැස් වැකි කියති” යි කීවේ ය. නූන්ගේ පුත් යෝෂුවා හෙවත් යොවුන් වියේ පටන් මෝසෙස්ගේ සහායකයා කතා කරමින්, “මෝසෙස් මා ස්වාමිනි, ඔවුන් නවතාලන්නැ” යි කීවේ ය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින්, “මා උදෙසා ඔබ ඊර්ෂ්‍යා වෙනවා ද? ස්වාමින්වහන්සේගේ මුළු ජනතාව ම දිවැසිවරුන් වනවාටත්, ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් ඒ හැම කෙනකු මත ම තබනවාටත් මම කැමැත්තෙමි” යි පැවසී ය.
ගණන් කථාව 11:27-29 Sinhala Revised Old Version (SROV)
තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය. මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය. මෝසෙස්ද: නුඹ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද? ස්වාමීන්වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය.
ගණන් කථාව 11:27-29 Sinhala New Revised Version (NRSV)
එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය. එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය. මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.
ගණන් කථාව 11:27-29 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය. එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය. මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.
ගණන් කථාව 11:27-29 New International Version (NIV)
A young man ran and told Moses, “Eldad and Medad are prophesying in the camp.” Joshua son of Nun, who had been Moses’ aide since youth, spoke up and said, “Moses, my lord, stop them!” But Moses replied, “Are you jealous for my sake? I wish that all the LORD’s people were prophets and that the LORD would put his Spirit on them!”