ගණන් කථාව 11:27-29
ගණන් කථාව 11:27-29 NRSV
එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය. එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය. මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.

