ගණන් කථාව 11:14-15 - Compare All Versions
ගණන් කථාව 11:14-15 SROV (Sinhala Revised Old Version)
තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය. ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.
ගණන් කථාව 11:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ සියලු ජනයා මට තනි ව ගෙන ගිය නො හැක. එය මට දරන්නට බැරි බරකි. ඔබ මට සලකන්නට යන්නේ මේ විදියට නම්, දැන් ම මා මරා දමන්න. ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබෙනවා නම්, මගේ මේ විපත්තිය දකින්නට මට ඉඩ නුදුන මැනවි” යි පැවසී ය.
ගණන් කථාව 11:14-15 NRSV (Sinhala New Revised Version)
මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය. ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.
ගණන් කථාව 11:14-15 SNRV (Sinhala New Revised Version 2018)
මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය. ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.
ගණන් කථාව 11:14-15 NIV (New International Version)
I cannot carry all these people by myself; the burden is too heavy for me. If this is how you are going to treat me, please go ahead and kill me—if I have found favor in your eyes—and do not let me face my own ruin.”