ගණන් කථාව 1:1-33
ගණන් කථාව 1:1-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු දෙවන වසරේ, දෙවන මස, පළමු වන දා සීනයි කාන්තාරයේ හමුවීමේ කූඩාරම තුළදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූ සේක: “හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්‍රායෙල් ප්‍රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න. හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි සියලු ඉශ්‍රායෙල් ජාතික පිරිමි, ඔවුන්ගේ සේනාංක වශයෙන් ගණනය කරනු ලැබිය යුත්තේ ඔබත්, ආරොනුත් විසිනි. එක් එක් ගෝත්‍රයේ පියවංශ ප්‍රධානියා වූ කෙනකු ඔබට සහාය විය යුතු ය. “එසේ ඔබට සහාය දිය යුතු අයගේ නාම මෙසේ ය: “රූබෙන් ගෝත්‍රයෙන්, ෂෙදෙවූර්ගේ පුත් එලිසූර්; සිමියොන් ගෝත්‍රයෙන්, සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්; යූදා ගෝත්‍රයෙන්, අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්; ඉස්සාකර් ගෝත්‍රයෙන්, සූවාර්ගේ පුත් නෙතනේල්; සාබුලොන් ගෝත්‍රයෙන්, හේලොන්ගේ පුත් එලියාබ්; යෝසෙප්ගේ පුතුන් අතුරින්: එප්‍රායිම් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් එලිෂාමා; මනස්සේ ගෝත්‍රයෙන්, පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්; බෙන්යමින් ගෝත්‍රයෙන්, ගිදෙයොනීගේ පුත් අබිදාන්; දාන් ගෝත්‍රයෙන්, අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්; ආෂෙර් ගෝත්‍රයෙන්, ඔක්‍රාන්ගේ පුත් පගියෙල්; ගාද් ගෝත්‍රයෙන්, දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්; නෆ්තලී ගෝත්‍රයෙන්, ඒනාන්ගේ පුත් අහිරා යන අය ය.” ජන සමාජයෙන් තෝරා පත් කරන ලද ඔවුන්ගේ පාරම්පරික ගෝත්‍ර නායකයෝ ඔවුහු ය. ඔවුහු ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීහු ය. මෝසෙස් සහ ආරොන්, නම් සඳහන් ඒ මිනිසුන් කැඳවා ගත්හ. දෙවන මස පළමු දින ඔවුහු මුළු ඉශ්‍රායෙල් සමාජය ම එක් රැස් කරවූහ. ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව විසි වියැති වූත්, ඊට වැඩි වූත් පිරිමි එක් එක්කෙනා නාම වශයෙන් ලේඛනගත කරන ලදහ. එසේ කරන ලද්දේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි. මෙසේ ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කළේ ය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගෙන් පැවත එන්නන් අතරින්: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ඒ අනුව රූබෙන් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්හයදහස් පන්සිය දෙනෙකි. සිමියොන්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ගණන් ගනු ලදුව, ලේඛනගත කරන ලදහ. ඒ අනුව සිමියොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්නවදහස් තුන්සිය දෙනෙකි. ගාද්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ගාද් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්පන්දහස් හයසිය පනස් දෙනෙකි. යූදාගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. යූදා ගෝත්‍ර වංශිකයින් ගණනින් හැත්තෑහතරදහස් හයසිය දෙනෙකි. ඉස්සාකර්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. ඉස්සාකර් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හතරදහස් හාරසිය දෙනෙකි. සාබුලොන්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. සාබුලොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හත්දහස් හාරසිය දෙනෙකි. යෝසෙප්ගේ පුතුන් අතරින්: එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ: හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. එප්‍රායිම් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්දහස් පන්සිය දෙනෙකි.
ගණන් කථාව 1:1-33 Sinhala Revised Old Version (SROV)
ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට මෙසේ කීසේක: ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න; එනම් ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට නුඹ සහ ආරොන්ද ගණන් කරන්න. එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය. නුඹලා සමඟ සිටිය යුතු මනුෂ්‍යයන්ගේ නාම මේය: රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. සිමියොන් ගෝත්‍රයෙන් ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය. යූදා ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. ඉස්සාඛර් ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය. සාබුලොන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය. යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. බෙන්යමින් ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. දාන් ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර්ය. ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගියෙල්ය. ගාද් ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. නප්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය. සභාවෙන් කැඳවාගන්නාලද්දෝ මොව්හුය, මොව්හු තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රවල අධිපතියෝව ඉශ්‍රායෙල් දහස් ගණන්වලට මුලාදෑනියෝව සිටියෝය. මෝසෙස් සහ ආරොන් නාම වශයෙන් සඳහන් කරනලද ඒ මනුෂ්‍යයන් කැඳවාගෙන, දෙවෙනි මාසයේ පළවෙනි දිනදී මුළු සභාව රැස්කෙරෙවුවෝය, තවද විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ අය වෙන් වශයෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, රූබෙන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි සතළිස් හදාස් පන්සියයක්ය. සිමියොන්ගේ පුත්‍රයින්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලියවුණාවූ, වෙන් වශයෙන් නාම ගණන ලෙස ගණන්කරනු ලැබුවාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, සිමියොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි පනස්නවදාස් තුන්සියයක්ය. ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, ගාද්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය. යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, යූදාගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැත්තෑ හාරදාස් හසියයක්ය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හාරදාස් හාරසියයක්ය. සාබුලොන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හත්දාස් හාරසියයක්ය. යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එනම් එප්‍රායිම්ගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස්දාස් පන්සියයක්ය.
ගණන් කථාව 1:1-33 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය. මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය. සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය. ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය. සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය. ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය. බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය. දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය. ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය. ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය. නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.” මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ. මෝසෙස් සහ ආරොන්, නම් කරන ලද මේ මිනිසුන් කැඳවා, දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී. මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් නවදාස් තුන්සියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැත්තෑ හාරදාස් හයසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හාරදාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සාබුලොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හත්දාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.
ගණන් කථාව 1:1-33 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය. මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය. සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය. ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය. සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය. ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය. බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය. දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය. ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය. ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය. නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.” මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ. මෝසෙස් සහ ආරොන්, නම් කරන ලද මේ මිනිසුන් කැඳවා, දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී. මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් නවදාස් තුන්සියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැත්තෑ හාරදාස් හයසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් හාරදාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සාබුලොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් හත්දාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.
ගණන් කථාව 1:1-33 New International Version (NIV)
The LORD spoke to Moses in the tent of meeting in the Desert of Sinai on the first day of the second month of the second year after the Israelites came out of Egypt. He said: “Take a census of the whole Israelite community by their clans and families, listing every man by name, one by one. You and Aaron are to count according to their divisions all the men in Israel who are twenty years old or more and able to serve in the army. One man from each tribe, each of them the head of his family, is to help you. These are the names of the men who are to assist you: from Reuben, Elizur son of Shedeur; from Simeon, Shelumiel son of Zurishaddai; from Judah, Nahshon son of Amminadab; from Issachar, Nethanel son of Zuar; from Zebulun, Eliab son of Helon; from the sons of Joseph: from Ephraim, Elishama son of Ammihud; from Manasseh, Gamaliel son of Pedahzur; from Benjamin, Abidan son of Gideoni; from Dan, Ahiezer son of Ammishaddai; from Asher, Pagiel son of Okran; from Gad, Eliasaph son of Deuel; from Naphtali, Ahira son of Enan.” These were the men appointed from the community, the leaders of their ancestral tribes. They were the heads of the clans of Israel. Moses and Aaron took these men whose names had been specified, and they called the whole community together on the first day of the second month. The people registered their ancestry by their clans and families, and the men twenty years old or more were listed by name, one by one, as the LORD commanded Moses. And so he counted them in the Desert of Sinai: From the descendants of Reuben the firstborn son of Israel: All the men twenty years old or more who were able to serve in the army were listed by name, one by one, according to the records of their clans and families. The number from the tribe of Reuben was 46,500. From the descendants of Simeon: All the men twenty years old or more who were able to serve in the army were counted and listed by name, one by one, according to the records of their clans and families. The number from the tribe of Simeon was 59,300. From the descendants of Gad: All the men twenty years old or more who were able to serve in the army were listed by name, according to the records of their clans and families. The number from the tribe of Gad was 45,650. From the descendants of Judah: All the men twenty years old or more who were able to serve in the army were listed by name, according to the records of their clans and families. The number from the tribe of Judah was 74,600. From the descendants of Issachar: All the men twenty years old or more who were able to serve in the army were listed by name, according to the records of their clans and families. The number from the tribe of Issachar was 54,400. From the descendants of Zebulun: All the men twenty years old or more who were able to serve in the army were listed by name, according to the records of their clans and families. The number from the tribe of Zebulun was 57,400. From the sons of Joseph: From the descendants of Ephraim: All the men twenty years old or more who were able to serve in the army were listed by name, according to the records of their clans and families. The number from the tribe of Ephraim was 40,500.