ශු. මාර්ක් 4:21-23
ශු. මාර්ක් 4:21-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද? මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත. අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”
ශු. මාර්ක් 4:21-23 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද? මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය. යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.
ශු. මාර්ක් 4:21-23 Sinhala New Revised Version (NRSV)
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක.
ශු. මාර්ක් 4:21-23 Sinhala New Revised Version 2018 (SNRV)
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක.
ශු. මාර්ක් 4:21-23 New International Version (NIV)
He said to them, “Do you bring in a lamp to put it under a bowl or a bed? Instead, don’t you put it on its stand? For whatever is hidden is meant to be disclosed, and whatever is concealed is meant to be brought out into the open. If anyone has ears to hear, let them hear.”