ශුද්ධවර මාක් 4:21-23
ශුද්ධවර මාක් 4:21-23 SNRV
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක.

