ශු. මාර්ක් 4:21-23

ශු. මාර්ක් 4:21-23 SROV

තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද? මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්‍රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය. යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.