ශු. ලූක් 22:40-65

ශු. ලූක් 22:40-65 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත් මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක. එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය. සිත් සන්තාපයෙන් යුතු ව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි. යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත පැමිණි උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බර ව නිදා සිටිනු දුටු සේක. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක. සිදු වන්නට යන්නේ කුමක් දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය. එවිට, “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක. තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද? මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක. ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය. ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක් ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය. ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය. එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය. මද වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය. එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය. ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය. එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දී ම, එකෙණෙහි ම කුකුළා හැඬලී ය. එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්, එතැනින් බැහැර ව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය. මේ අතර යේසුස්වහන්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටි මිනිස්සු උන්වහන්සේට පහර දෙමින්, අවමන් කරන්නට වන්හ. ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ. මෙසේ ඔවුහු තවත් නොයෙක් දෑ කියමින් උන්වහන්සේට අපහාස කළහ.

ශු. ලූක් 22:40-65 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක. ගලක් ගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී, දණින් හිඳ යාච්ඤා කරමින්: පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්කළේය. උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය. උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක: නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය. යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක. උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. නුමුත් යේසුස්වහන්සේ උත්තරදෙමින්: මෙපමණකට ඉඩදෙන්නය කියා, ඔහුගේ කන අතගා සුවකළසේක. යේසුස්වහන්සේ තමන්ට විරුද්ධව ආවාවූ නායක පූජකයන්ටද දේවමාළිගාවේ අධිපතීන්ටද වැඩිමහල්ලන්ටද කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරු රැගෙන ආවාහුද? දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක. ඔව්හු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු, උත්තම පූජකයාගේ ගෙදරට ගෙනගියෝය. එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය. නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය. ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය. පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය. ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට, පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය. එකල යේසුස්වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම්කරමින්, පහර දුන්නෝය. ඔව්හු උන්වහන්සේගේ ඇස් බැඳ: නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් කියන්නැයි උන්වහන්සේට කීවෝය. ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය.

ශු. ලූක් 22:40-65 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි. උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, “ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක. උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. එහෙත් ජේසුස් වහන්සේ, “ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක. ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, “ඔබ සොරෙකු හා සටනට මෙ‍න් කඩු මුගුරු රැගෙන ආවාහු ද? දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙ‍ය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක. ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය. ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය. එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, “මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය. “ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය. මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, “නැත, නැත, එසේ නොවේ ය”යි කී ය. පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, “ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය. පේදුරු ද, “ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය. සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, “අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට, පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය. එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ. ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ. ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.

ශු. ලූක් 22:40-65 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 22:40-65 New International Version (NIV)

On reaching the place, he said to them, “Pray that you will not fall into temptation.” He withdrew about a stone’s throw beyond them, knelt down and prayed, “Father, if you are willing, take this cup from me; yet not my will, but yours be done.” An angel from heaven appeared to him and strengthened him. And being in anguish, he prayed more earnestly, and his sweat was like drops of blood falling to the ground. When he rose from prayer and went back to the disciples, he found them asleep, exhausted from sorrow. “Why are you sleeping?” he asked them. “Get up and pray so that you will not fall into temptation.” While he was still speaking a crowd came up, and the man who was called Judas, one of the Twelve, was leading them. He approached Jesus to kiss him, but Jesus asked him, “Judas, are you betraying the Son of Man with a kiss?” When Jesus’ followers saw what was going to happen, they said, “Lord, should we strike with our swords?” And one of them struck the servant of the high priest, cutting off his right ear. But Jesus answered, “No more of this!” And he touched the man’s ear and healed him. Then Jesus said to the chief priests, the officers of the temple guard, and the elders, who had come for him, “Am I leading a rebellion, that you have come with swords and clubs? Every day I was with you in the temple courts, and you did not lay a hand on me. But this is your hour—when darkness reigns.” Then seizing him, they led him away and took him into the house of the high priest. Peter followed at a distance. And when some there had kindled a fire in the middle of the courtyard and had sat down together, Peter sat down with them. A servant girl saw him seated there in the firelight. She looked closely at him and said, “This man was with him.” But he denied it. “Woman, I don’t know him,” he said. A little later someone else saw him and said, “You also are one of them.” “Man, I am not!” Peter replied. About an hour later another asserted, “Certainly this fellow was with him, for he is a Galilean.” Peter replied, “Man, I don’t know what you’re talking about!” Just as he was speaking, the rooster crowed. The Lord turned and looked straight at Peter. Then Peter remembered the word the Lord had spoken to him: “Before the rooster crows today, you will disown me three times.” And he went outside and wept bitterly. The men who were guarding Jesus began mocking and beating him. They blindfolded him and demanded, “Prophesy! Who hit you?” And they said many other insulting things to him.