ලෙවී කථාව 21:1-8
ලෙවී කථාව 21:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින් අමතා මෙසේ කියන්න: ‘මිය ගිය තම නෑයකු වෙනුවෙන් පූජකයකු අපවිත්‍ර නො විය යුතු ය. එහෙත් ඔහුගේ ළඟ නෑයින් වූ ඔහුගේ මව හෝ ඔහුගේ පියා හෝ ඔහුගේ පුතා නැතහොත් දියණිය හෝ ඔහුගේ සහෝදරයා හෝ සැමියකු නැති බැවින් ඔහුගෙන් යැපෙන ඔහුගේ අවිවාහක සහෝදරිය හෝ යන කෙනකුගේ මරණය හේතු කොට පමණක් අපවිත්‍රවීමට ඔහුට පුළුවන. සැමියකු වශයෙන් තම නෑයින් අතර තමා අපවිත්‍ර කර ගෙන, ඔහු තමා දූෂ්‍ය කර ගැනීම නො කළ යුතු ය. “ ‘පූජකයින් තම හිස මුඩු කර නො ගත යුතු ය. තම රැවුල් අග්ගිස් කපා දැමීම නො කළ යුතු ය. තම සිරුර කපා නො ගත යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේට ශුද්ධ ව සිටිය යුතු ය. ඔවුන් තම දෙවියන්වහන්සේගේ නාමය අපවිත්‍ර නො කළ යුතු ය. මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය හෙවත් ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා ඔප්පු කරන්නෝ ඔවුහු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව පැවතිය යුතු ය. “ ‘පූජකයින් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධ බැවින් වේශ්‍යාවක ව දූෂ්‍ය වූ හෝ තම සැමියාගෙන් දික්කසාද වූ හෝ ස්ත්‍රියක ආවාහ කර ගැනීම නො කළ යුතු ය. පූජකයින් ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පිළිගන්වන බැවින්, ඔවුන් ශුද්ධ වග සලකන්න. ඔබ ශුද්ධවත් කරන ඔබේ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, පූජකයින් ද ශුද්ධ සේ සලකන්න.
ලෙවී කථාව 21:1-8 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය; එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද, පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන. තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය. ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා. ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය. ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය. එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
ලෙවී කථාව 21:1-8 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි. පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.
ලෙවී කථාව 21:1-8 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි. පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.
ලෙවී කථාව 21:1-8 New International Version (NIV)
The LORD said to Moses, “Speak to the priests, the sons of Aaron, and say to them: ‘A priest must not make himself ceremonially unclean for any of his people who die, except for a close relative, such as his mother or father, his son or daughter, his brother, or an unmarried sister who is dependent on him since she has no husband—for her he may make himself unclean. He must not make himself unclean for people related to him by marriage, and so defile himself. “ ‘Priests must not shave their heads or shave off the edges of their beards or cut their bodies. They must be holy to their God and must not profane the name of their God. Because they present the food offerings to the LORD, the food of their God, they are to be holy. “ ‘They must not marry women defiled by prostitution or divorced from their husbands, because priests are holy to their God. Regard them as holy, because they offer up the food of your God. Consider them holy, because I the LORD am holy—I who make you holy.