ලෙවී කථාව 21:1-8
ලෙවී කථාව 21:1-8 SROV
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය; එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද, පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන. තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය. ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා. ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය. ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය. එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.

