යෝෂුවා 6:22-25

යෝෂුවා 6:22-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දේශයේ ඔත්තු බැලූ මිනිසුන් දෙදෙනා ඇමතූ යෝෂුවා, “වෙසඟනගේ නිවසට යන්න. ඔබ ඇයට දිවුරූ පරිදි ඇයත්, ඇයට අයිති සියලු දෙනාත් පිටතට කැඳවන්නැ” යි කී ය. එබැවින් ඔත්තු බැලූ තරුණයෝ ඇතුල් ව, රාහාබ් ද ඇගේ පියා හා මව ද ඇගේ සහෝදරයන් ද ඇයට අයත් සියල්ලන් ද පිටතට කැඳවාගෙන ආහ. ඔවුහු ඇගේ පවුලට අයත් සියල්ලන් පිටතට ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳවුරින් පිටත ස්ථානයක රැඳවූහ. ඉන්පසු ඔවුහු පුරවරයත්, එහි වූ සියල්ලත් පුලුස්සා දැමූහ. එහෙත් රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාජන ද පමණක් ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැන්පත් කළහ. එහෙත් රාහාබ් වෙසඟන හා ඇගේ පියාගේ ගෘහ වාසීන් ඇතුළු ඇයට අයත් සියල්ලන් ද යෝෂුවා බේරා ඉතිරි කළේ ය. එසේ කළේ යෝෂුවා විසින් යෙරිකෝ පුරවරය ඔත්තු බැලීමට ඔත්තුකරුවන් යැවූ කල, රාහාබ් ඔවුන් සැඟැවූ නිසා ය. අද දක්වාත් ඈ, ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නී ය.

යෝෂුවා 6:22-25 Sinhala Revised Old Version (SROV)

දේශය සොයාබැලූ දෙදෙනාට යෝෂුවා කථාකොට: වේශ්‍යා ස්ත්‍රියගේ ගෙට ගොස් නුඹලා ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැයි කීවේය. ඔත්තුකාරයෝ වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ්ද ඇගේ පියාද මවුද සහෝදරයන්ද ඈට අයිති සියල්ලන්ද ඇගේ සියලු නෑයන්ද පිටතට ගෙනවුත් ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත ඔවුන් සිටෙවුවෝය. නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය. යෙරිකෝව සෝදිසිකරන්ට යෝෂුවා යැවූ පණිවිඩකාරයන් වේශ්‍යාවවූ රාහාබ් විසින් සැඟවූ බැවින් යෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලන්ටද ජීවත්වෙන්ට ඉඩ හැරියේය; ඈ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසයකරන්නීය.

යෝෂුවා 6:22-25 Sinhala New Revised Version (NRSV)

ඔත්තු බලන පිණිස දේශයට ගිය මිනිසුන් දෙදෙනාට ජෝෂුවා කතා කොට, “වේශ්‍යා ස්ත්‍රියගේ ගෙදරට ගොස්, ඔබ ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැ”යි කීවේ ය. ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහෝදරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය. ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය. ජෙරිකෝව සෝදිසි කරන්නට ජෝෂුවා යැවූ ඔත්තුකාරයන්, රාහාබ් නම් වෙසඟන විසින් සඟවනු ලැබූ බැවින් ජෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලට ද ඈට අයිති සියල්ලන්ට ද ජීවත් වන්නට ඉඩ හැරියේ ය. ඈ ඉශ්රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසය කරන්නී ය.

යෝෂුවා 6:22-25 Sinhala New Revised Version 2018 (SNRV)