ජෝෂුවා 6:22-25

ජෝෂුවා 6:22-25 SNRV

ඔත්තු බලන පිණිස දේශයට ගිය මිනිසුන් දෙදෙනාට ජෝෂුවා කතා කොට, “වේශ්‍යා ස්ත්‍රියගේ ගෙදරට ගොස්, ඔබ ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැ”යි කීවේ ය. ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහෝදරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය. ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය. ජෙරිකෝව සෝදිසි කරන්නට ජෝෂුවා යැවූ ඔත්තුකාරයන්, රාහාබ් නම් වෙසඟන විසින් සඟවනු ලැබූ බැවින් ජෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලට ද ඈට අයිති සියල්ලන්ට ද ජීවත් වන්නට ඉඩ හැරියේ ය. ඈ ඉශ්රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසය කරන්නී ය.

ජෝෂුවා 6:22-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය