යෝෂුවා 24:1-4
යෝෂුවා 24:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යෝෂුවා, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ෂෙකෙම්ට එක් රැස් කරවී ය. ඔහු වැඩිහිටියන් ද නායකයින් ද විනිසුරුවන් ද ඉශ්‍රායෙල් නිලධාරීන් ද කැඳවී ය. ඔවුහු දෙවියන්වහන්සේ අබියස පෙනී සිටියහ. යෝෂුවා මුළු ජනතාව අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඈත අතීතයේ ආබ්‍රහම්ගේ හා නාහෝර්ගේ පියා වූ තේරා ඇතුළු ඔබේ ආදි පියවරු, ගංගාවෙන් එතෙර වාසය කළෝ, අන් දෙවිවරුන්ට සේවය කළෝ ය. එහෙත් මම ගඟ එතෙරින් ඔබේ පිය ආබ්‍රහම් ගෙන, කානාන් දේශය පුරා ඔහු ගෙන ගොස්, ඔහුට මහත් දරු පරපුරක් දුන්නෙමි; මම ඔහුට ඊසාක් දුන්නෙමි; ඊසාක්ට මම යාකොබ් හා ඒසව් දුන්නෙමි. ඒසව්ට සේයිර් කඳුරට අයිති කර ගන්නට දුන්නෙමි. එහෙත් යාකොබ් සහ ඔහුගේ පුත්තු ඊජිප්තුවට ගියහ.
යෝෂුවා 24:1-4 Sinhala Revised Old Version (SROV)
පසුව යෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය. යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–පූර්වකාලයෙහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය. මම වනාහි ඒ ගංගාව එතරින් නුඹලාගේ පියවූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩිකෙළෙමි, මම ඔහුට ඊසාක් දුනිමි. ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.
යෝෂුවා 24:1-4 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය. ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි. ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.
යෝෂුවා 24:1-4 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 24:1-4 New International Version (NIV)
Then Joshua assembled all the tribes of Israel at Shechem. He summoned the elders, leaders, judges and officials of Israel, and they presented themselves before God. Joshua said to all the people, “This is what the LORD, the God of Israel, says: ‘Long ago your ancestors, including Terah the father of Abraham and Nahor, lived beyond the Euphrates River and worshiped other gods. But I took your father Abraham from the land beyond the Euphrates and led him throughout Canaan and gave him many descendants. I gave him Isaac, and to Isaac I gave Jacob and Esau. I assigned the hill country of Seir to Esau, but Jacob and his family went down to Egypt.