යෝෂුවා 24:1-4
යෝෂුවා 24:1-4 SCV
ඉන්පසු යෝෂුවා, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ෂෙකෙම්ට එක් රැස් කරවී ය. ඔහු වැඩිහිටියන් ද නායකයින් ද විනිසුරුවන් ද ඉශ්‍රායෙල් නිලධාරීන් ද කැඳවී ය. ඔවුහු දෙවියන්වහන්සේ අබියස පෙනී සිටියහ. යෝෂුවා මුළු ජනතාව අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඈත අතීතයේ ආබ්‍රහම්ගේ හා නාහෝර්ගේ පියා වූ තේරා ඇතුළු ඔබේ ආදි පියවරු, ගංගාවෙන් එතෙර වාසය කළෝ, අන් දෙවිවරුන්ට සේවය කළෝ ය. එහෙත් මම ගඟ එතෙරින් ඔබේ පිය ආබ්‍රහම් ගෙන, කානාන් දේශය පුරා ඔහු ගෙන ගොස්, ඔහුට මහත් දරු පරපුරක් දුන්නෙමි; මම ඔහුට ඊසාක් දුන්නෙමි; ඊසාක්ට මම යාකොබ් හා ඒසව් දුන්නෙමි. ඒසව්ට සේයිර් කඳුරට අයිති කර ගන්නට දුන්නෙමි. එහෙත් යාකොබ් සහ ඔහුගේ පුත්තු ඊජිප්තුවට ගියහ.

