යෝෂුවා 24:1-4

යෝෂුවා 24:1-4 SROV

පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය. යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–පූර්වකාලයෙහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය. මම වනාහි ඒ ගංගාව එතරින් නුඹලාගේ පියවූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩිකෙළෙමි, මම ඔහුට ඊසාක් දුනිමි. ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.