ජෝබ් 9:4-11
ජෝබ් 9:4-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ ප්‍රඥාව ගැඹුරු ය; උන්වහන්සේගේ බලය අපරිමිත ය. උන්වහන්සේට එරෙහිව සිට නිරුපද්‍රිත ව සිටින්නේ කවුරු ද? උන්වහන්සේ කඳු පහ කර දමන්නේ ඒවාට නො දන්වා ම ය; තම කෝපයෙන් උන්වහන්සේ ඒවා පෙරළා දමන සේක. උන්වහන්සේ පොළොව පිහිටි ස්ථානයෙන් සොලවන සේක්, පොළෝ කුලුනු දෙදරවන සේක. උන්වහන්සේ හිරුට කතා කළ විට එය එළිය නො දී සිටී; උන්වහන්සේ රැයේ තරු මුද්‍රාකර තබන සේක. උන්වහන්සේ තනි ව අහස විහිදවන සේක්, මුහුදු රළ පාගා දමන සේක. මහ වලහා ද මුව සිරස ද හත්දින්න ද යන තරු පංති හා දක්ෂිණ තාරකා මණ්ඩලයේ මැවුම්කරුවාණෝ උන්වහන්සේ ය. සොයා දැනගත නො හැකි අරුම පුදුම සිදු කරන උන්වහන්සේ, ගණන් නැති තරමේ හාස්කම් ද පානා සේක. මෙන්න, උන්වහන්සේ මා පසු කර යන සේක, මට උන්වහන්සේ පෙනෙන්නේ නැත; උන්වහන්සේ අසලින් ම යන සේක, එහෙත් මට ඒ වග නො දැනේ.
ජෝබ් 9:4-11 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද? උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක. උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය. ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක. උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක. උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක. උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක. බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
ජෝබ් 9:4-11 Sinhala New Revised Version (NRSV)
දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද? එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක; මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක; එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය; තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය. ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක; මහ සයුර පිට ඇවිදින සේක. මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක. මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක. මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය
ජෝබ් 9:4-11 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 9:4-11 New International Version (NIV)
His wisdom is profound, his power is vast. Who has resisted him and come out unscathed? He moves mountains without their knowing it and overturns them in his anger. He shakes the earth from its place and makes its pillars tremble. He speaks to the sun and it does not shine; he seals off the light of the stars. He alone stretches out the heavens and treads on the waves of the sea. He is the Maker of the Bear and Orion, the Pleiades and the constellations of the south. He performs wonders that cannot be fathomed, miracles that cannot be counted. When he passes me, I cannot see him; when he goes by, I cannot perceive him.