ජෝබ් 41:1-3
ජෝබ් 41:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“බිලි කටුවකින් ලෙවියාතන් ගොඩට අදින්නට නුඹට පුළුවන් ද? නැතහොත් කඹයකින් උගේ දිව බැඳ දමන්නට පුළුවන් ද? උගේ නාසය තුළින් ලණු පොටක් දමන්නට, නැතහොත් කොක්කකින් උගේ හක්ක සිදුරු කරන්නට නුඹට පුළුවන් ද? ඌ නුඹෙන් බොහෝ සේ දයාව අයැදී ද? නුඹ සමඟ මෘදු වචන තෙපලාවි ද?
ජෝබ් 41:1-3 Sinhala Revised Old Version (SROV)
කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් නුඹට පුළුවන්ද? උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් නුඹට පුළුවන්ද? ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන නුඹට කියනවා ඇද්ද?
ජෝබ් 41:1-3 Sinhala New Revised Version (NRSV)
ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද? උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද? ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?
ජෝබ් 41:1-3 Sinhala New Revised Version 2018 (SNRV)