ජෝබ් 41
41
1 #
ගීතා 74:14; 104:26; යෙසා 27:1 ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
2උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?
3ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද?
නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?
4සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?
5සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද?
නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද?
6වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද?
වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද?
7උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?
8නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු;
සිතා නිකම් සිටිනු.
9අනේ!
ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත.
ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
10ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත.
ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද?
11ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද?
මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.
12උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
13උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද?
උගේ යකඩ වැනි වැස්ම පසා කරගෙන යන්නේ කවරෙක් ද?
14ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?
15පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.
16ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.
17ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.
18ඌ කිඹිසින විට එළියක් බබළයි.
උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි.
19උගේ මුවින් ගිනි දලු නික්ම යයි.
ගිනි පුපුරු ධාරා ගලා යයි.
20උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.
21උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි.
ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි.
22උගේ ගෙල අති බලසම්පන්න ය.
ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.
23උගේ හමේ රැළි එකට ඇලී ඇත.
එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත.
24උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.
25ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති.
ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.
26කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
27යකඩ වුව ද ඌට පිදුරු වැනි ය.
ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.
28ඊගස් පහරට ඌ පලා නොයයි.
පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය.
29පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි.
කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි.
30උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය.
මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි.
31ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි.
එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.
32ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි.
ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.
33ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත;
ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.
34ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි.
වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් 41: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න