ජෝබ් 37:1-24

ජෝබ් 37:1-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“එතැනදී මගේ හද ගැහෙන්නට වී, පිහිටි තැනින් ඉවත පනින්නට වෙයි. සවන් දෙන්න! උන්වහන්සේගේ කටහඬේ ගිගුරුමට, උන්වහන්සේගේ මුවින් නික්ම එන ගර්ජනාවට සවන් දෙන්න. උන්වහන්සේ අහස යට හැම තැන තම විදුලිය මුදා හරින සේක්, පොළෝ සීමා දක්වා ම ඒවා යවන සේක. ඉන්පසුව උන්වහන්සේගේ ගිගුරුම් හඬ පැමිණේ; උන්වහන්සේ තම මහානුභා කටහඬින් ගර්ජනා කරන්නාහ. උන්වහන්සේගේ කටහඬ දෝංකාර දෙන කල, උන්වහන්සේ කිසිවක් නවතාලන්නේ නැත. දෙවියන්වහන්සේගේ කටහඬ පුදුමාකාර ව ගර්ජනා කරයි; උන්වහන්සේ අපට තේරුම් ගැනීමට නො හැකි විශිෂ්ට දෑ සිදු කරන සේක. ‘පොළොව පිට පතිත වනු’ යි හිම අමතා පවසන උන්වහන්සේ, ‘මහ වැහි ඇද හැලෙනු’ යි වර්ෂාවට පවසන සේක. උන්වහන්සේ මැවූ සියලු මිනිසුන් දැනගන්නා පිණිස, උන්වහන්සේ හැම කෙනකුගේ ම දෑතේ වැඩ නවතන සේක. සතා සීපාවෝ ආවරණ ලැබ, තම ගුහා තුළට වී සිටිති. චණ්ඩ මාරුතය තම මණ්ඩපයෙන් ද ශීතලය හමා යන සුළඟින් ද නික්ම එන්නේ ය. දෙවියන්වහන්සේගේ හුස්මෙන් අයිස් සෑදෙයි; පුළුල් ජලාශ මිදෙන්නට වෙයි. උන්වහන්සේ වලාකුළු තෙතමනයෙන් බර කරන සේක්; තම විදිලි ධාරා ඒවා ඔස්සේ විහිදුවන සේක. ඒවා, උන්වහන්සේ අණ කරන කවරක් වුව ඉටු කරමින්, මුළු පොළෝ තලයට ඉහළින් කැරකි කැරකී යන්නේ, උන්වහන්සේගේ මෙහෙයවීමෙනි. මිනිසුනට දඬුවම් දීමට හෝ තම පොළෝ තලයට ජලය සැපයීමට හෝ ස්වකීය ප්‍රේමය පෙන්වමින් උන්වහන්සේ වලා ගෙනෙන සේක. “එම්බා යෝබ්, මේ අහන්න; මදක් නැවතී, දෙවියන්වහන්සේගේ ආශ්චර්යයන් කල්පනාවට ගන්න. දෙවියන්වහන්සේ වලාකුළු පාලනය කරන්නේ කෙසේ ද, ස්වකීය විදිලිය සැණෙක විහිදුවා යවන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? සර්ව ඥානයෙන් හෙබි තැනැන්වහන්සේගේ විස්මිත ක්‍රියා ලෙස වලාකුළු ගුවනේ රැඳී සිටින්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? දකුණු දිග සුළඟට දේශය මැදි වූ කල, හැඳිවත් උණුසුම් වන තැනැත්තෙනි, ලෝකඩයෙන් වාත්තු කළ කැඩපතක් සේ දැඩි ව අහස අතුරන්නට උන්වහන්සේ සමඟ හවුල්වීමට ඔබට පුළුවන් ද? “උන්වහන්සේට අප කිය යුත්තේ මොනවාදැයි අපට කියා දෙන්න; අප අන්ධකාරයේ බැවින් අපගේ කාරණය සූදානම් කිරීමට අපට නො හැකි ය. මා කතා කරන්නට එන වග උන්වහන්සේට දැනුම් දිය යුතු ද? තමා ගිල දමන්නැයි යම් මිනිසකු ඉල්ලා සිටීවි ද? සුළඟ හමා, අහස පැහැදිලි වූ විට, අහසේ දීප්තියෙන් බබළන ආලෝකය දෙස කිසිවකුටත් බලන්නට බැරි ය. උතුරු දිග සිට උන්වහන්සේ ස්වර්ණමය ශෝභාලංකාරයෙන් යුතු ව එන සේක; දෙවියන්වහන්සේ භයංකර මහානුභාවයෙන් යුතු ව එන සේක. සර්ව පරාක්‍රමයාණන් අපට ළඟා විය නො හැකි තරම් ඉහළ ය. බලයෙන් උත්තරීතර ය. ස්වකීය යුක්තියෙන් හා විශිෂ්ට ධර්මිෂ්ඨකමින් උන්වහන්සේ පීඩා නො කරන සේක. එබැවින්, මනුෂ්‍යයෝ උන්වහන්සේට ගෞරව කරති; තමන්ගේ ම මිම්මෙන් තමන් ප්‍රඥාවත් ය කියාගන්නවුන් උන්වහන්සේ නො සලකා හරින සේක.”

ජෝබ් 37:1-24 Sinhala Revised Old Version (SROV)

එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි. උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න. උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක. ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය; උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක. උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත. දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක. මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට: පොළොවට බසිව්යයි කියනසේක. උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක. එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය. දකුණු නිවාසයෙන් සුළිහුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය. දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය. පළල් ජලධාරා අවහිරවන්නේය. එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක. දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට, උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය. එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද? දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද? දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල නුඹේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද? වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද? අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය. මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද? නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද? ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය. උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය. දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය. සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක. එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.

ජෝබ් 37:1-24 Sinhala New Revised Version (NRSV)

“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි. ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න. එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක. එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ. විදුලිය නොනැවතී දිගට යයි. දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි; අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි. මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක. සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක. එකල මෘගයෝ ගුහාවලට වදිති. එහි සුරක්ෂිත ව ලගිති. දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි. දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි. එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි. දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි. දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි. ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න. දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද? දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද? අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත. ‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද? මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද? සුළඟ හමා අහස පිවිතුරු වී ඇත. ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි. මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය. උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි. දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය. එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති. ‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”

ජෝබ් 37:1-24 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 37:1-24 New International Version (NIV)

“At this my heart pounds and leaps from its place. Listen! Listen to the roar of his voice, to the rumbling that comes from his mouth. He unleashes his lightning beneath the whole heaven and sends it to the ends of the earth. After that comes the sound of his roar; he thunders with his majestic voice. When his voice resounds, he holds nothing back. God’s voice thunders in marvelous ways; he does great things beyond our understanding. He says to the snow, ‘Fall on the earth,’ and to the rain shower, ‘Be a mighty downpour.’ So that everyone he has made may know his work, he stops all people from their labor. The animals take cover; they remain in their dens. The tempest comes out from its chamber, the cold from the driving winds. The breath of God produces ice, and the broad waters become frozen. He loads the clouds with moisture; he scatters his lightning through them. At his direction they swirl around over the face of the whole earth to do whatever he commands them. He brings the clouds to punish people, or to water his earth and show his love. “Listen to this, Job; stop and consider God’s wonders. Do you know how God controls the clouds and makes his lightning flash? Do you know how the clouds hang poised, those wonders of him who has perfect knowledge? You who swelter in your clothes when the land lies hushed under the south wind, can you join him in spreading out the skies, hard as a mirror of cast bronze? “Tell us what we should say to him; we cannot draw up our case because of our darkness. Should he be told that I want to speak? Would anyone ask to be swallowed up? Now no one can look at the sun, bright as it is in the skies after the wind has swept them clean. Out of the north he comes in golden splendor; God comes in awesome majesty. The Almighty is beyond our reach and exalted in power; in his justice and great righteousness, he does not oppress. Therefore, people revere him, for does he not have regard for all the wise in heart?”