ජෝබ් 23:8-9
ජෝබ් 23:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න! මා නැගෙනහිරට ගියොත්, උන්වහන්සේ එහි නැත; මා බටහිරට ගියත්, එහිදීත් උන්වහන්සේ හමු විය හැකි නො වේ. උන්වහන්සේ උතුරෙහි වැඩක යෙදී සිටින කල, මට උන්වහන්සේ දැකිය නො හැක; උන්වහන්සේ දකුණට හැරෙන කල, උන්වහන්සේගේ සේයාවකුදු මට දැකිය නො හැකි ය.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:8-9 Sinhala Revised Old Version (SROV)
නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි. වම් පැත්තෙහි උන්වහන්සේ ක්රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:8-9 Sinhala New Revised Version (NRSV)
මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්න