ජෝබ් 23

23
ජෝබ්ගේ පිළිතුර
1එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“අද මාගේ විලාපය කටුක ය.
දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි.
3අහෝ!
එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්.
4එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි.
කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.
5එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි.
6එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද?
නැත.
එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක.
7එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත.
විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි.
8මම පෙරදිග බලා ගියෙමි;
දෙවිඳාණෝ එහි නැත.
අපරදිග බලා ගියෙමි;
එතුමෝ එහිත් නැත.
9මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි.
ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.
10එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක;
මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
11මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි.
එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි.
12එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි.
එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.
13එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය;
ඒවා වෙනස් කළ හැක්කේ කාට ද?
එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක.
14මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත;
එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත.
15ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි.
එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි.
16සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක;
එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක.
17අඳුරින් මම වට වී සිටිමි;
එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 23: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න