ජෝබ් 23:10-12
ජෝබ් 23:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි. මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි; මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි. උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි; මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි.
ජෝබ් 23:10-12 Sinhala Revised Old Version (SROV)
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි. මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි. උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
ජෝබ් 23:10-12 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත. මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි. එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.
ජෝබ් 23:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත. මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි. එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.
ජෝබ් 23:10-12 New International Version (NIV)
But he knows the way that I take; when he has tested me, I will come forth as gold. My feet have closely followed his steps; I have kept to his way without turning aside. I have not departed from the commands of his lips; I have treasured the words of his mouth more than my daily bread.