ජෝබ් 2:1-10

ජෝබ් 2:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ තවත් දිනෙක සාතන් ද ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ඔවුන් සමඟ පැමිණියේ ය. ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ නපුරෙන් වැළකුණු මිනිසෙකි; කිසි හේතුවක් නැතිව ඔහු විනාශ කර දමන්නට ඔහුට එරෙහිව නුඹ මා පෙලඹෙවු නමුත්, ඔහු තවමත් තම අවංක භාවය රැකගෙන සිටී” යි සාතන්ට පැවසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “හම වෙනුවට හමකි; තම ජීවිතය වෙනුවට මිනිසකු ඕනෑ ම දෙයක් දේවි; ඔබගේ අත දිගු කර ඔහුගේ මාංසයටත්, ඇටකටුවලටත් පහර දී බලන්න; එවිට නිසැකයෙන් ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “හොඳයි; එසේ නම් ඔන්න! ඔහු නුඹේ අත යටතෙයි; එහෙත් ඔහුගේ ජීවිතය ඉතිරි කළ යුතු යැ” යි කී සේක. එවිට සාතන් ස්වාමින්වහන්සේ අබියසින් ඉවත් ව ගොස්, යෝබ්ගේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා ගත පුරා වේදනාකාරී තුවාල හටගන්වමින් ඔහුට පීඩා කළේ ය. යෝබ් අළු ගොඩේ හිඳගෙන, තම ඇඟ කසා ගැනීමට බිඳුණු වළං කැබැල්ලක් ගත්තේ ය. යෝබ්ගේ බිරිඳ ඔහු අමතමින්, “නුඹ තවමත් නුඹේ අවංකකම බදාගෙන ඉන්නවා ද? දෙවියන්වහන්සේට ශාප කර මැරියන්” යැයි කීවා ය. එහෙත් ඔහු ඇයට පිළිතුරු දෙමින්, “අඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්නේ මොකද? අපි දෙවියන්වහන්සේගෙන් හොඳ දේ වගේ ම විපත්තියත් පිළිගත යුතු නො වේ දැ?” යි කීවේ ය. මේ සියල්ල අතරතුරදී යෝබ් වචනයකින් හෝ පව් කළේ නැත.

බෙදාගන්න
ජෝබ් 2 කියවන්න

ජෝබ් 2:1-10 Sinhala Revised Old Version (SROV)

නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු නුඹ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය. ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය. එවිට ඔහුගේ භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය. එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.

බෙදාගන්න
ජෝබ් 2 කියවන්න

ජෝබ් 2:1-10 Sinhala New Revised Version (NRSV)

නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය. සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක. සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද? හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය. එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය. එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.

බෙදාගන්න
ජෝබ් 2 කියවන්න

ජෝබ් 2:1-10 Sinhala New Revised Version 2018 (SNRV)